Ads Top

Be another Deepika Padukone !

Deepika Padukone, Beauty, Fashion, People, Bollywood

මට කියන්ඩ 
බැඩ්මින්ටන් ප්ලේයර් කෙනෙක් උනා නම් 
අපි දැනගෙන ඉඳියිද 
the most glamorous woman in Bollywood 
නොවෙන්න පුළුවන් 
හැබැයි මට හිතෙනවා අපි ඒත් දැනගෙන ඉඳීවි 
මේ විදියට 
the most charming badminton player in India 
පුංචි පුංචි මෝඩ පහේ ගැටළු විසඳගන්න බැරුව 
ලෝක ජනගහනයෙන් එක මිනිහෙක් 
හැම තප්පර 40 කට වරක් 
තමන්ගේ ජීවිතය නැති කරගන්න වටපිටාවක 
නොවේද අපි ජීවත් වෙන්නේ හරි ආඩම්බරේට 
සමහර විට ඒ 
මේ දැන් උඹට එහා පැත්තේ වාඩි වෙලා ඉන්න එකා 
වෙන්නත් බැරි නෑ 
'ඒ බං ඒ උඹද? ' 
යාළු ෆිට් එකට කින්ඩියක් දාගෙනම ඇහුවත් 
ඌ උඹට කියන එකක් නෑ 
තේරුම් ගනින් 
ඒක උඹයි ඌයි අතර ගොඩ නැගුණු 
විශ්වාසයේ දුර්වලකම
හැම හිනාවක් පිටුපසම සතුට තියෙනවා කියන තරමට 
අපි පරිණත නොවුණේ කොහොමද? 
the most desirable woman in India & 
the most sexiest south Asian woman 
මං නෙවෙයි කියන්නේ, 
ලෝකේ iconic characters වලට ගෞරව තැන් දෙන ආයතන 
හැබැයි අපි හැමෝම දන්නේ 
දීපිකා කියන්නේ fighter කෙනෙක් 
against depression and anxiety 
මුළු හින්දුස්තානයම 
ඇය මානසික ලෙඩෙක් ලෙස ගොසිප් තනද්දී 
ඩීප්ප්‍රේෂන් වලට වැඩිය 
මිනිස්සුන්ගේ ආකල්ප වලට එදිරිව 
ඇයට සටන් කරන්නට සිදු වෙන්නැති 
ඇයට ලෙඩා කියපු ඈයන්ට අද මැඩම් කියන්නත් වෙනවා ඇති 
උඹේ ප්‍රශ්නේ උඹේ අවසානේ නොවන බවත් 
ඊට එහා ලස්සන අනාගතයක් උඹට තියෙන බව 
දීපිකා ක්‍රියාවෙන් පෙන්වූ විදියට 
මං පට්ට ආදරෙයි! 

සිත්තම් මායා | අනූ පෙරේරා 




Siththam Maya | Anu Perera. Powered by Blogger.