Ads Top

Galle Face | Time-lapse !

Image result for galle face photography bw
අන්නේහෙම මට උවමනා උනා 
හඳුනන්නේ නැති කිසිවෙක් නොමැතිව 
උදා කරගන්නට 
මේ සුබ අළුත් අවුරුද්ද 
වෙනදා වගේම galle face තීරය 
අදත් අඩුවක් නැතිවම මිනිස් වාසය 
දහසකුත් මිනිස් සිත් මැද 
මමත් කල්පනා කළා හරි හරියට 
බලාගෙන ඒ වෙරළ තීරුව සීරුවට 
බලාපොරොත්තු ආසාවල් ගොන්නක් මැද 
ගෝඨාභය මහත්තයාගේ ඔපීසියට පස්සා හරවාගෙන 
මමත් හිටියා කොළොම්පුරයේ ගැට්ටට වෙන්නට 
හොඳම යහළුවෙක් කියා එකෙකු නැති කලෙක 
එකයි හිටියේ ඉන්නේ දැන් ඒ අඩුව පුරවන්නට 
තියෙන එකම ඇහැත් මාළුවෙක් මෙන් ඇරගෙන 
ඌත් හිටියා මං වගේම මූද බලාගෙන 
විටෙන් විට මං ඇහුවා 
go pro උඹ ලොකු වැඩක්ද ? 
සද්දයක් හැල හොල්මනක් නැතුව 
මං හිතුවෙම බීරෙක් ගොළුවෙක් වෙලා දැන් එයත් බව 
නෑ නෑ බං පිස්සුද 
හොරගෙඩියා වගේ time-lapse එකක් ඇරගෙන 
පහළ තියෙන්නේ එයාගේ ඒ රාජකාරිය 
වැඩි වෙලාවක් නෑ 
වඩාගෙන ආවා හනික මං ගෙදරට ! 

#අනුවා 

Click to Watch ↓ 

Siththam Maya | Anu Perera. Powered by Blogger.