Ads Top

Take it or Leave it - මේ මගේ දැන් විදිය !

selective focus photo of woman raising middle finger

මං දන්නවා 
දැන් ළඟම උන්ගේ මගේ 
දැවෙන ප්‍රස්නය 
අනුවා උඹට මොකද බං උනේ ?
අපි හෙමීට කතා කරමු 
එකින් එක 
හැබැයි දැනට, 
තාමත් මම උඹලට ආදරේ බව 
මතක තියාගන්නවද ? 
ඒත් මං මෙහෙම කියන්නද 
ඒ තමයි මං ගත්ත හොඳම තීරණය 
මට ඇති උනා බං 
ලෝකයාව සනසවාලම 
කොලොම්පුරය දුන් දේ 
කොලොම්පුරයම පොලී කොට ගන්නකොට 
කිසිවක් අත නැතුව සතේට හින්දනකොට 
මනුස්සකමේ නාමයෙන් 
මා ලැබුවේ මොනවාදැයි සිතෙනකොට 
මාගේ පසුම්බිය මටම කින්ඩිය දමනකොට 
ඉතිරි වුණු ගෝ ප්‍රෝ එකත් රැගෙන 
රජරට රැජිණ දුම්රියෙන් මම ගියා ගෙදර 
තවත් බැරි උනා මට 
අර ඉස්සර තිබුණු ෆේක් හිනාවෙන් 
ප්‍රස්නෙක උන් නුඹව පවා සනසවන්නට 
සමාවෙයන් බං 
එකම කුලකෙකට දමමින් නුඹ හැම කෙනෙක්ම 
අඩියක් පස්සට ගෙන 
වසා දමන්නට සිදුවුණා මාගේ වේදිකාවේ තීරය 
එය තව දුරටත් විවෘත ග්‍රන්ථයක් නොවන බව 
අවශ්‍ය දේ පමණක්ම 
කාලයත් රැගෙන මා මෙසේ ලියනකොට 
අවැසි කෙනෙක් හිඳිවී නැති කෙනෙක් යාවි 
it's okay baby, i don't give a fuck about it  
කියලත් දැන් දැන් හිතෙනවා මට 
ප්‍රමාණය නොවේ 
දැන් මාගේ ටෙස්ට් එක ගුණය බව 
take it or leave it 
මේ මගේ දැන් විදිය ! 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.