Ads Top

ආයුබෝවන්ඩ එහෙනං !

man holding bottle near buildings

කාර්තුවකුත් ගෙවී ඉවර වෙන 
මේ පෙම්බර කෙම්මුර දිනයේ 
ඉස්සර වාගේම 
අපි,
ආයෙම දොඩමළු වෙමුද 
රිනිව් කොට ගත් මේ ඩිජිටල් අවකාශයේ, 
වල් වැදෙනවාට වැඩියෙන් ලස්සනයි 
ඔයයි මමයි ඉන්නකොට 
මේ සිත්තම් මායාවේ 
ඇත්තම කියන්න, 
හා එහෙම නැද්ද ? 
මං හිතන්නේ ඒක තමයි 
පහුගිය පුරාවටම 
මට දැනුණ ඒ මඟ ඇරීම 
අයි මිස්ඩ් යූව් ! 
එන්න, 
අපි ආයෙත් කතා කරමු 
හිනා වෙමු, ඇද කියමු, පද හදමු 
රණ්ඩු වෙමු, බයිට් වෙමු 
එක පොරේට 
මුකුත්ම නැත්තම් 
අපි කාගේ හරි චීත්තයක්වත් හෝදමු 
.............
අහෙම් ! 
ආයුබෝවන්ඩ එහෙනං ! 

# අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.