Ads Top

දමිළ ක්‍රිස්තියානුවා නුඹ !


දමිළ ක්‍රිස්තියානුවා නුඹ ! 

සිත්තම් මායා | අනූ පෙරේරා 

ඉතිං අවසානයේ සිද්ද උනා 
අපිට වෙන් වන්නට 
ප්‍රේමය දළු ලන්නටත් කලියෙන්ම 
අපේ ජාතිවාදී සිත් වල 
මම ආසම උනේ නුඹේ ඒ ලජ්ජහා ගතියට 
මා දකින විට බිම බලාන කරන හොර බැල්මට 
ඇත්තම කියන්නද 
රික්වෙස්ට් එකක් නොඑව්වාට 
මමත් ආවා ගියා නුඹේ ඔය ඩිජිටල් වෝල් එකට 
නුඹ කැමතිම ස්ලෝ රිද්මයේ ඉංග්‍රීසි සිංදු වලට නේද 
ඉංග්‍රීසි නම් මම කැමතිම ඒවා අතේ ඇඟිලි ගාණට 
නුඹ අකමැතිම හින්දි ගීත නේද 
නොතේරුණත් බාසාව ඒ මං අහන්න ආසම ගීත 
හැබැයි අමතක නොකරන්න 
මා නුඹට නිර්නාමිකව කළ ඉල්ලීම 
නුඹේ දැඟිලි තුඩු ස්පර්ශ කළ 
මා කැමතිම ඉංග්‍රීසි ගීතයේ පියානෝ වැයුම 
කෙදිනක හෝ මට අසන්නට දෙන ලෙස 
ඒ බලාපොරොත්තුව පමණක් ඉතිරි කොට 
මම තීරණය කළා 
ඒ අප්‍රකාශිත පෙමෙන් සමුගන්නට 
නුඹටත් නොකියම 
නුඹෙනුත් නොඅසාම 
කිසිදිනෙක නුඹ දැන නොගනීවි 
මමත් නුඹට කැමැත්තෙන් සිටි බව 
බාගදා මේ අකුරු නුඹ දකීවි 
කතා කරන්නෙත් අපහසුවෙන් වෙනකොට සිංහල 
කොහේ කියවන්නද මේ අකුරු ගලපාගෙන 
අහෝ අසරණ දමිළ ක්‍රිස්තියානුවා නුඹ ! 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.