Ads Top

04/21 ට පසු දිනක චෙක් පොයින්ට් එකකදී


04/21 ට පසු දිනක චෙක් පොයින්ට් එකකදී 

සිත්තම් මායා | වරුණ උදේශ් ජයසිංහ

ත්‍රස්තවාදියෙක් වෙනවද සර්
රැවුල, කොන්ඩෙ වැවුනට හිතුමතේ......

නික්මෙන්න පෙර මේ මේය යැයි ඇය ගෙනා දුන් මීවිතේ
තැනින් තැන ඉව කරන් ඇවිදයන දිනක හාමතේ
සෙනඟ නැති තැනකදි කවදහරි ආව ගිය මාවතේ
මටත් බය කොතනකදි හරි පුපුරයි කියල තමා ජීවිතේ

චෙක් කරල බලන්ඩ රාළහාමි 
කඳුලු පුපුරණ තත්වෙකට ඇවිත් නෑ තාම හදවතේ.......

මතක හමුවන නිතර නිතරම රැකගත් නිහඬ මුණිවතේ
උදේ දවල් රෑ නැතුව ඔහේ දියවෙයි සිතුවිලි මධුවිතේ
ස්වකැමැත්තෙන් හැමදාම මැරෙනකොට හීන උඩ නිදිමතේ
පුපුරන්න හැකි ද්‍රවය කොයි තරම් තිබෙනු හැකිවෙද 
අත් අත් හැරුණු මිනිහෙකුගෙ හදවතේ

ඔය බයිනෙත්තුව තියෙන්නෙ 
ඇනල බලන්ඩ රාළහාමි 
තව රිදෙන්ඩ තැන් නෑ මගෙ හිතේ.....

- වරුණ උදේශ් ජයසිංහ

Siththam Maya | Anu Perera. Powered by Blogger.