Ads Top

ඉස්කිරිම


ඉස්කිරිම 

සිත්තම් මායා | මකරි 

අස් නොකළ ඉස්කිරිමකි
එල්ලා වැටෙන ඇඳුම් ගොන්නකි
රතු පැහැ වැඩියෙන් ම මුසු වුන
එල්ලා වැටෙන ඇඳුම් ගොන්නකි

දැල් වියා ඇති පොත් ගොන්නකි
නිතර කෝපි බිව් දුලී වැකි බඳුනකි
පොත් අතර සැඟවුනු ගැහැණියකි
නිතර කෝපි බිව් දුලී වැකි බඳුනකි

අත මාරු කළ යුගල මුදුවකි
කන්නාඩි මේසය මත රැදවුමකි
නිතර පපුව තෙමන පසුබිමකි
කන්නාඩි මේසය මත රැදවුමකි

අපහැදිලි බාල් නැටුමකි අදත් 
එළියෙ ඇත්තෙ වැසි බර බවක්
නිතර රිදෙන උරහිස් අතර මැද
බෙහෙතකට නොලැබෙන හාදුවකි

ජීවිතය සෙනෙහෙබර පාරුවකි
තර්ක පිරි තැනට යලිත් යා යුතුය 
කෙසේ හෝ යළි යළිත් දිව්රා
මා ප්‍රිය කළ මාවතෙ යා යුතුය 

#මකරි

Siththam Maya | Anu Perera. Powered by Blogger.