Ads Top


Dhadak! 

සිත්තම් මායා | අනූ පෙරේරා 

මට මේක කියන්න 
ආදරය කියන්නේ 
කවි සිතුවිලි පහළ වීමක්ද 
එහෙමත් නැත්තම් 
එකම වචනයක්වත් පිට කරන්නට නොදී 
පපුව අස්සෙම හිරකරලා 
විනාඩියකට ගැහෙන්න අවැසි හද ගැස්ම 
එක මොහොතක මුළු වටපිටාවක්ම 
දෙවනත් වෙන්නට ගැහෙන එකද 
ඇත්තමයි මට එහෙම දෙයක් දැනුණා 
දැන් ටික දවසක ඉඳන්ම 
හැමදාම ආස්සරේට වැටෙන 
කාර්යාල මිතුරන් අහන්නේම 
ඒ වෙනස කුමක්දැයි නිතරම 
දන්නේ නෑ බං දන්නේ නෑ 
කොච්චර සරල උත්තරයක් ද 
ඒත් මචං දන්නවද 
ඒ හැඟීම කරපින්නා ගෙන 
සිටින්නට පට්ටම අමාරුම බව 
ඇත්තම කියන්නද 
මේ විශ්වයේ කිසිම කෙනෙක් තවම මට 
මුණගැහුණේ නෑ 
ඒ හිතේ තෙරපෙන හැඟීම 
විස්තර කරන්නට විශ්වාසවන්ත 
ඉතිං මං තීරණය කළා 
ඒ හැඟීම උපන් ගෙයිම මරන්ට 
ඝාතකයෙක් වෙන්ට  ! 
සිගරැට්ටුවක් සමඟ බෝතලයක් අරන් එන්ට 
දෙබස් නැතිවම 
කඳුළු මිස්ර කරගෙන අපිට ඒක සමරන්ට 


#අනුවා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.