Ads Top

ආමේන් !!


ආමේන් !!

සිත්තම් මායා | මකරි 

බොහෝ දුර්වර්ණ පත්තර පිටුවක
අපැහැදිලි අකුරින් ලියා ඇති
මංගල කිංකිණි පිටුව මඟ හැර බලමි
ආදාහනාගාරයක සැතපෙන ලැයිස්තුව

මිල වැඩිම රුපලාවන්‍යගාරයක
හැඩ වැඩ කොන්ඩ මෝස්තර
ඉවත ලා නැවතත් එබෙමි
ආදාහනාගාරයක සැතපෙන ලැයිස්තුව 

සුසුමක් පා කර යවමි
මන්දාරම පමණි වැහි බිරුම රහිත
දෙවියන් තවමත් මගෙ පාර්ශවයේය
ආමේන් !!

#මකරි

Siththam Maya | Anu Perera. Powered by Blogger.