Ads Top

වහිනවද පෙම් හිත් පිරෙන්න


වහිනවද පෙම් හිත් පිරෙන්න

සිත්තම් මායා | වරුණ උදේශ් ජයසිංහ 

වහින්නට හැකිනම් ගිගුම් දී
වියළි ගහ කොල තෙමෙන්න
මල් කුබුද්දකටත් කතා ඇති
පිණි බිඳුවකට කියන්න

රැඳෙන්නට හැකිනම් ළඟම වී
විඩාබර තුරු පත් නිවෙන්න 
බඹරුන් ගයනතුරු පෙම් ගී
මල් කිණිති නැවුම්ව තියන්න

ඉඳහිට එවන්නට හැකිනම් 
පිණි කැට ආදර කතා අතරද තියන්න
ඉතින් හිරිපොද වැස්ස ඇවිදින්
වහිනවද පෙම් හිත් පිරෙන්න

- වරුණ උදේශ් ජයසිංහ -

Siththam Maya | Anu Perera. Powered by Blogger.