Ads Top

කඩුක්කන් වික්‍රමය ! - පොඩි කාලේ සීන්ස් - 02


කඩුක්කන් වික්‍රමය !  - පොඩි කාලේ සීන්ස් - 02 

සිත්තම් මායා | අනූ පෙරේරා 

ඔන්න හිත මිත්‍ර පිංවතුනි 
අද කියන්න යන්නෙත් සිරාම කතාවක් 
එක වසරේ වික්‍රමයක් 
කුරුණෑගල මලියදේව ආදර්සේට 
පිනට මෙන් පහළ වූ වීර වරියන් දෙදෙනෙක් 
එක තඩිම තඩි දුස්ටියක් 
තවත් එක් අවිහින්සිකාවක් 
එය හිරු පායා තිබූ බිහිසුණු උදෑසනක් 
දමිළ චිත්‍රපටියට හීරෝ එන්ට්‍රියක් වගේ දර්ශනයක් 
මූසලබව කපාගෙන 
මීගමු පාරෙන් කනත්ත දිගේ පියා දුන් ටිකිරි පාන් එක අතැතිව එන අහිංසක චණ්ඩියෙක් 
අහිංසක මලක් 
මිනිසුන් විසිල් ගැසූහ ගල්මුල් මල් ගැසූහ 
එකම පූජාවක් පැවැත්විය 
නමුත් ඒ හීරෝ එන්ට්‍රිය නොවීය 
හීරෝගේ යහළුවාගේ එන්ට්‍රිය විය 
එයට ඉරිසියා නොකළාම නොව 
නමුත් කරන්නට දෙයක් නැත 
ප්‍රධාන චරිතය වෙන කවුද 
ඔහ් යේස් බේබිස්, ස්ටොප් චියරින්ග් මේ මම ය 
ටයිටල් ට්‍රැක් එක වාදනය විය 
කොළඹ පාරෙන් ආවේ කතා නායිකාවය 
එනමුත් පංතියේ පට්ටන්දර නැතිය 
ඉලාස්ටික් දැමූ ටයි එක ඇදලාම ඇදලාම 
නිළ ඇඳුමේ ටයි එකට නොපෙනෙන ටික් එක පවා පෙනෙන්නට විය 
ගැන්ග්ස්ටර් ලුකස් ය 
නිළ ගවුම දිගය 
දණිස ළඟට මේස් පැළඳගෙනය 
ඒ අතර සමක් පෙනෙන්නටවත් නැත 
චරාස් ගා ගලෝන සපත්තුය 
ලෙස් ගැට ගසන්නට නොදනී ය 
බෙල්ලේ නිල් පාට ඩයිනොසර් බෝතලය 
බෑග් එක මතකම නැත 
ඔහ්හ් යේස් මේ මම ය 
අනුවර්ථ නාමය අනවශ්‍යය 
යහළුවා නරියා ය 
එලෙසමය ගැන්ග්ස්ටර් පෝසින් ය 
ගේට් එක ළඟ මුණ ගැසෙනවාය 
අත් අල්ලන් දෙන්නා දෙන්නා ඇතුළට යනවෝය 
ඈතින් 01-C පංතිය ය 
අප දෙදෙනා සිටි පෝලිමේ අනිකා හරි අහිංසකය 
ඔව් නොන්ජල් ය 
අප මෙන් කටින්වත් ළමුන් බය නොකරනවාය 
පොඩි තර්ජනයක් ය 
පංතියේ සිරාවටම සැර තඩියෙක් ය 
කට තිබුණට අපිත් බයය 
හැබැයි පෙන්නුවේ නැත 
පෙන්වන්නට භජනේට ගියේද නැත 
අවධානමක් මොකටද ඒ පොඩි වයසට අපිට 
මිත්‍රවරුනි එහෙම නේද 
මරු සීන් එක ය 
අර බිහිසුණු උදෑසන 
මමත් නරියාත් දෑත් අල්ලාගෙන පංතියට දෙසට ඇදුනෝය 
අපි දැක්කේ සිතා අදහාගන්නට බැරි දසුනකි 
අපි සී සෝ එකට මුවා වී සීන් එක බලා සිටියෙමු 
දුස්ටිය අපේ මිතුරියගේ කන මිරිකාගෙන සිටිනවාය 
බලද්දී සිද්දිය මේක ය 
දුස්ටිගේ වගේම ජිප්සී දෙකක් 
මේ ගොන් ගහත් කනේ දමාගෙන ඇවිල්ලාය 
ඒකට තඩියට ආවේස වෙලාය 
යකාගේ නීතියක්නේ හලෝ 
අපි මිමිණුවෝය 
ඉතා හෙමින් 
කියන්න බෑනේ, ඇහුණොත් හරි නෑනේ 
හැබැයි අපි එකහෙලාම සී සෝ එකට මුවා වී කිව්වෙම 
අපේ එකා වැරදි ලෙසය 
බලවතා සාධරණ ලෙසය 
ඇත්තනේ හලෝ 
ඕනෙම කෙනෙක්ට තරහා යනවා ඔය වගේ සිටුවේසන් එකකදී 
නේද? නේද ?
වලිය ඉවරවෙන තෙක්ම අපි සැඟවී, ආ නෑ සාකච්චාවේ නියැලුනේමු 
උත්පලා කන අල්ලාගෙන හඬන අවස්ථාවේ අපි එතැනට සහභාගී වුනෙමු 
යහළුවෙකුගේ කරදරයකදී හඬද්දී උර නොදෙන යාළුකම මොකද්ද මිත්‍රවරුනි 
අපි ඩේස් එකට ගගා කීවෙමු 
එලෙසම මේක නිකම්ම අත හරින්නට බැරි බවත් කීවෙමු 
යන්, අපි ටීචට කියමු 
ඒ අභීත යෝජනාව කළේ මාගේ සුමිත්‍ර නරියා ය 
අහෝ මට ආඩම්බරය 
හැබැයි අපි මනුස්සකමේ නාමයෙන් මේ ගැන ටීචට කීවේ නැත 
එයා හිතන්නැති අපි බයේ කියලා 
ම්හ්හ්හ් බය ? මේ අපි ? 
කොලිවුඩ් චිත්‍රපටයක මැර යහළුවන් දෙදෙනෙකු දිවුරුම් දෙන ෂොට් එකකි 
"පළි ගන්නවා.......හ්හ් " 
ලොකු උනාම, අපි තීරණය කළෙමු 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.