Ads Top

නුඹේ ලිපිනය දැන් වල නොවේ විලයි


නුඹේ ලිපිනය දැන් වල නොවේ විලයි

සිත්තම් මායා | මකරි 

බොහෝ හෙම්බත් පාටින්
ගෙවා ඇති බව සැලයි
අලුත් අවුරුදු කියන්නෙ ඔයාට
තව දවසක් විතරයි තමයි

හුඟක් කුණු තිබුණ කාමරය
ළඟදී අස්පස් කළ හැඩයි
තුන්පත් රෑන ගැසු තැන
මකුළු දැල් ඉස්සර වගෙ තමයි

මයන්ත ජීවිතේ රබර් වගෙ තමයි
කනාටු වුනත් කුණාටු එනවා සැරයි
ඇඳුම් මාරු කළා දැන් නුඹ හැඩයි
පොරුවට නගිනවා නම් හිනහීම සුභයි

ලියා තිබුණේ නැති පරණ කෝන්තර
ඕවා නම් මොනවද කරුම තමයි
පින්තාරු කළ විට ඉමිටේෂන් වුනත්
ඇස් රවටන හැටි පුදුමයි හැඩයි

පරණ ලීස්තර වැට පාට කළෙ නුඹයි
ඉතින් දැන් නුඹෙ ලිපිනය
වල නොවේ විලයි....

#මකරි
Siththam Maya | Anu Perera. Powered by Blogger.