Ads Top

විමුක්තිය උදාකරගමු මනුස්සකම වෙනුවෙන්


සිත්තම් මායා | කිසා 

බාගෙ බාගේ ඉඳගෙන යමු 
මාරුවෙන් මාරුවට
එකට බදු ගෙවන උඹ ගමනාන්තය වෙනකල් හිටගෙන යන්නත් 
මම ඉඳගෙන යන එකත් හරිම අසාධාරණයි 
උන් අපිට ඉඳගෙන යන්න සීට් දෙන්නේ නෑ බං 
මොකද අපේ දුප්පත් සීට් එකකට වියදම් කරන මුදලට වඩා දහස් ගුණයක් උන් උන්ගෙ සැප පුටු වලට වියදම් කරනවා.
මොකටද බන් මේ කකුල්
හිටගෙන යන්න බැරිනම් අපේ එවුන් වෙනුවෙන් පොඩි දුරක් 
මේ රටේ ඉන්නේ මිනිස්සු වර්ග තුනයි
එකක් ඒ උඹලා අපි
අනිත් එවුන් මිනිස්සුන්ගෙ චන්දෙන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා 
හොරා කන හොරු 
අනිත් එවුන් තමා 
මිනිස්සුන්ට බලාපොරොත්තු දීලා චන්දේ ඉල්ලලා 
පාර්ලිමේන්තුවට ගිහිල්ලා හොරු අල්ලනව කියන හොරු
උන් ඔක්කොම හොරු බං 
පරිස්සම් වෙයල්ලා
නැෂනල්, කුරුතා, වේට්ටි,
ඇඳන් ඉන්න එවුන්ගෙන් නෙමෙයි
සුදු පාට ඇදලා 
දිය වන්නාවේ ඉන්න එවුන්ගෙන් 
විමුක්තිය උදාකරගමු මනුස්සකම වෙනුවෙන්
පාරට බහින්නම ඕනෙ නම් අරගල කරන්න 
ඒකට තෝර ගනිල්ලා
පාර්ලිමන්ට් රෝඩ් එක
මිනිස්සුන්ට වැඩ ඇරිලා ගෙදර යන්න විකල්ප පාරක් ඉතුරු කරලා 
මනුස්සකමට එහා ගිය 
ආගමක්වත් දේශපාලනයක්වත් තවත් නෑ 
අපි උඹලා වැඩියෙන්ම මරාගන්නේ 
අපේ ඇඟේ ගෑවිලාවත් නැති පාට දෙකක් වෙනුවෙන්
උන් අපිට පිටිපස්සෙන් 
Green Blue screen දාල තියෙන්නේ
උන් අපිව ඒවා ඉස්සරහා නටවලා උන්ට ඕනෙ විදියට edit කරගන්නවා.
බෙදාගෙන ජීවත් වෙමු 
හදාගෙන මේ පුංචි රට.

#කිසා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.