Ads Top

ලස්සන අඳුරු යුගයක් !


ලස්සන අඳුරු යුගයක් !

සිත්තම් මායා | අනූ පෙරේරා 

පලා ආවෙමි 
අත හැර මුළු කොලොම්පුරයම 
කෙළවරටම දිව්වෙමි පිටුපාමින් හැම ගැටළුවම 
දැනෙන්නට විය ඒ මහා මූසල හුදෙකලාව 
වෙලෙන්නට විය සිරුරේ අංශුවක් ගානේම 
ඉතිං දරාගනු බැරිම තැන පලා ආවෙමි 
මහරාණිය තුරුළට 
හැඟීම් පරාජිතයෙකු ලෙසම 
ගැටළුව මෙය යැයි කීමට ඇයට 
කිසිම දෙයක් නැත 
කොතනින් කොහොම පටන් ගනු ද 
පවා නොතේරෙන්නට විය 
ඉතිං මම වචන ගිල ගතිමි 
ගොඩවුණේ සතිය මැද අවේලාවේ නිවෙසට 
නොඇසුවාය ඇයිද පවා ඇය 
බාරගත් බව මුළු හදින්ම ඈ මාව 
අම්මෙක් එහෙමයි දරුවෙකුට හැමවෙලාවෙම 
අයි නීඩ් සම් ටයිම් ඇන්ඩ් ස්පේස් 
කියාගත් මං මටම 
වහන්වෙන්නට සිතුවෙමි ටික කලකට ලෝකෙන්ම 
ඒ ගෙවන අඳුරු කාලය වහන් වනතුරුම 
අයි ඈම් ස්ටිල් සප්‍රයිස්ඩ් 
මගේ හිනාව කොහේ ගියාද බව 
කාටවත්ම ලං වෙන්නට බැරි වුණ ඒ එනර්ජිය 
කොහේ අන්තරස්දාන වුණාද වග 
බාගදා මගේම හොඳකට 
ලෝකෙම හොඳකට 
එය උදුරාගන්නට ඇති මාගෙන් එය මේ විශ්වය 
අලුත් මිනිසෙක් බිහිකරන්නට 
අලුත් පාඩමක් උගන්වන්නට 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.