Ads Top

රොබෝරෝසියා මල් අතුරින් !


සිත්තම් මායා | කිසා 

එයා හදන ගණන් මට තේරෙන්නේ නෑ
ඒත් එයාගෙ හිත හොඳට මට තේරෙනවා
ඇත්තටම ඒ හමුවීම අහම්බයක්ද
නෑ නෑ ඒක සැලසුම් සහගත අහම්බයක්
අපි දෙන්නා සංසාරේ දවසක 
සැලසුම් කරන්න ඇති මෙහෙම හමු වෙන්න
මාර්ක් අයියේ උබට පිං 
අපිව මුණ ගැස්සුවාට
එයා මගෙන් ඉස්සෙල්ලාම ඉල්ලුවේ නුවර වසන්තය අරගෙන එන රොබරෝසියා මල්
දැන් ඉතින් රොබරෝසියා මල් පිපුලා ඉවරයි
ඒත් ඒ වසන්තය හැමදාම අපිත් එක්ක නතර උනා
ආයෙත් මල් පිපෙන කාලෙට අපි යමු නුවර
ඇහිදිමු දෙන්නත් එක්කම රොබරෝසියා මල්
ඇවිදිමු අත් අල්ලගෙන
නුවර වීදි පුරා අදුර වැටීගෙන එන වෙලාවට
කියවන්න ආසයි නේද ගොඩක් පොත්
ඒත් මගෙ කියවිල්ල අහගෙන ඉන්න ඊට වැඩිය ආසයි නේද
මල් ගොඩක් මැද්දේ ඉන්න ඔයා 
මම පරවෙච්ච මල් ගේනකල් කොච්චර ආසාවෙන්ද බලන් හිටියේ
තනිකමක් දැනෙන්නේ නෑ සත්තයි.
හැමදාම ඉන්න මගෙ ළඟ 
පණ වාගෙ බලාගන්නම් මම
ජීවිතේ මේ තරම් සුන්දරයි කියලා
දැනුනේ ඔබ හමු උනාට පස්සෙ 
මගෙ පුංචි සින්ඩරෙල්ලා...

#කිසා

Siththam Maya | Anu Perera. Powered by Blogger.