Ads Top

ඉස්තීරුවෙන්ම කියන්න ඇය කව්ද?


සිත්තම් මායා | මකරි 

රාත්‍රිය බිලි අරන් මහ රෑ⁣ටත් කහින
කෙන්ඩා වල වේදනා පිටි අතින් තවන
පාන්දර ඇහැරලා ලිපට විතරක් ගිනි දෙන්න 
ඇත්තමයි ඇයට තිබුනා සේර⁣ටම කලින් බුදු වෙන්න 

හිරිගැ⁣ට අරින කල හුන්නස්ගිරි මහ කන්ද
නොදෙවෙනිව තැම්බු බත ස්නෙහෙන් ඔතන
සෑදුවෙ තේ වුනත් අමුතු ලුණු රසක් දැනෙන
අම්මෙකුට පුළුවන්ද මෙහෙම පුත්තලම් ලුණු කන්න 

හැඩට ඇන්දොත් එකක් මට දෙකක් අරගෙන දෙන්න
හංගලා ලිප් කොණේ ගල ටිකක් හොලවලා බලන්න 
අ⁣ටුවෙ කොස් නැතත් වේලකට ගස් දිග උඩ යන්න 
අම්මට තටු තියෙන්න තිබුණේ ලෝකෙ දුර දැක ගන්න 

අදත් වෙහෙසකර දවසක් යැයි කියන්න
හිස අත ගා නළලත ආදරෙන් තවන්න 
බිත්තිය කොනෙ හංගපු ඇද ඇරුණු පිහිය
අම්මට තිබුනෙ ඇත්තමයි මට දෙන්න

#මකරි

Siththam Maya | Anu Perera. Powered by Blogger.