Ads Top

රමණයත් සොබාවික හැඟීමක්


රමණයත් සොබාවික හැඟීමක් 

සිත්තම් මායා | කිසා 

ආදරේ කියන්නේ sex වලින් පරිභාහිර හැඟීමක් ද 
මුලින්ම ආදරේ කරන කෙනෙකුට රාගික හැඟීම් එන්න බැරිද
එතකොට මුලින්ම රාගයෙන් එකතු උනාම 
පස්සේ ඒක ආදරෙන් කෙළවර වෙන්න විදියක් නැද්ද
රාගය කියන්නේ වර්ගයා බෝ කරන්න ස්වභාව දහමෙන් දීපු හැඟීමක් ද 
ඇත්තටම එහෙම වෙන්න බෑ නේද
හැම රමණයකින්ම පසුව ජීවියෙක් බිහි වෙන්නේ නෑ 
එහෙම උනානම් තමා ප්‍රස්නේ
මොකද එහෙම උනානම් 
මිනිස්සු බය වෙයි ඒ හැඟීමට 
ඇත්තටම මිනිස්සු බයයිනේ
මිනිස්සු ඒකට පිළිවෙලක් හොයන්නේ ඒකනේ
ආදරය කසාදය ඊට පස්සේ තමා රමණය
ඊට කලිනුත් ඕනෙ තරම් වෙන්න පුලුවන් 
ඒත් අර නිදහසේ ගලාගෙන එන හැඟීම 
ඊට කලින් එනවා කියලා හිතන්න බෑ
දැන් මෙහෙම හිතමුකෝ
රමණය කියන්නේ ස්වභාවික දෙයක්නේ
ඒකේ අවසාන ප්‍රතිපලය ජීවියෙක් බිහි කරන එකනේ
එතකොට ඇයි මිනිස්සු ඒ අවසාන ප්‍රතිඵලයට මේ තරම් බය වෙන්නේ
ඒ කියනේ අර කෘතීම නීතියට යටත් වෙන්න කලින් තමා 
මිනිස්සු ඒකට බය
කොච්චර නිදහස ගැන කතා කලත් 
ඇත්තටම මිනිස්සුන්ට නිදහසක් දැනෙන්නේ 
මොකක් හරි නීතියකට යටත් උනාට පස්සේ 
ඒ ස්වභාවික හැඟීම කෘතීම නීතියකට යට වෙලා ඉවරයි
ඒ විවෘත හැඟීමේ භෞතික ක්‍රියාව හරිම රහසිගතයි
අඩු තරමේ මේ වගේ රටක 
පාර්ක් එකක කොල්ලෙක් කෙල්ලෙක් අත් අල්ලන් හිටියත් 
මිනිස්සු ඒක දකින්නේ රමණයක් විදියට 
මොකද උන් ඒ කෙල්ලවයි කොල්ලවයි නිරුවත් කරලා 
උන් දෙන්නාගේ ලිංගික ක්‍රියාව හිතින් විදලා ඉවරයි 
ඒක ප්‍රායෝගිකව උන්ට විඳින්න බැරි උනාම 
උන් හිතන්නේ ඒක සංස්කෘතියට පටහැනි දෙයක් කියලා 
හැම සංස්කෘතික් ඇතුළෙම 
අපි තනි තනියෙන් නිරුවත්ව ඇවිදිනවා 
ඒ වගේම මොන මොන සංකෘතීන් අපි රෙදි ඇඳගෙන ඇවිද්දත් 
අපි ඒ හැම දෙයක්ම හිතින් නිරුවත් කරලා ඉවරයි 
ආදරේ කියන්නෙත් රාගය කියන්නෙත්  කියන්නෙත් 
මිනිස්සුන්ට ස්වභාවිකව ඇතිවෙන හැඟීම් 
ඒත් ඒ හැම එකක්ම කෘතීම ලෝකයක් ඇතුළේ හිර වෙලා ඉවරයි 

#කිසා

Siththam Maya | Anu Perera. Powered by Blogger.