Ads Top

නැකත් නැති අපේ ආදරේ


නැකත් නැති අපේ ආදරේ 

සිත්තම් මායා | කිසා 

තවත් එක දවසක් විතරයි මැණික 
උඹ නැතිව ගෙවෙන
ඇහෙන්නේ නෑ මට සද්දේ චීන පටස් පුපුරන
පුපුරනවා හද පතුලේ වේදනාව හෙණ ගහන සද්දෙට
කොහෝ උඹ කට වහපන් 
මට අප්පිරියයි උඹේ ඔය කටහඬ 
මගෙ මැණික උඹ කතා කරනකල් බලන් ඉන්නේ මම 
තවම
අති රස තිත්තයි මට
මොනාද ඒ රෙද්ද
කවපන් ඇවිත් ඔය අතින් අනලා
පැණි රසයි මට කරවිල
කහවණුත් එපා මට ගණුදෙනුවට
ඉඹපන් මගෙ නළල
නෑගම් යන්න හිතක් නෑ මට 
උඹ නැතිව තනියම
අලුත් ඇඳුම් එපා මට 
උඹ ඇවිත් මහලා දියන් මගෙ ඉරුණු සරම
උඹ කැමතිම රටාවට
සුබම නැකත උඹ එන දවස
එතකල් බලන් ඉන්නවා මම එක තැන
කැරකුනත් මුලු ලෝකය
නිදාගන්නවා මම එතකල් 
ඒත් හදවත ගැහෙයි උඹ එනතුරු
ළඟට ඇවිත් මොහොතක් හිටපන්
ඇහැරෙයි මට ඔය හදවත ගැහෙන සද්දෙට
වැඩ අල්ලන නැකතට 
අපි ආයෙත් පටන් ගමු අපේ love එක

#කිසා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.