Ads Top

අනුවගෙයි මකරිගෙයි පෙම් පලහිලව් - #හත


අනුවගෙයි මකරිගෙයි පෙම් පලහිලව් - #හත 

සිත්තම් මායා | මකරි 

පස්වාන් දහසකට සමාවෙන්ඩ මයෙ මැණිකේ 
රිප්ලයි කොරන්ඩ පරක්කු වුනාට 
මැණිකේට කියන්න දැන් මෙහෙ මම වවපු හේන හරි සාරයි 
මයෙ උසට පැළ 
එන අවුරුදු කාලෙට අපිට මේවා විකුණා පොහොසත් වී 
ඔස්ටෙිලියන් ටුවර් එකක්ම යා හැකිය 
ආය ගංජා කියන්නෙ සෙල්ලමක්ද මැණිකේ 
නෑ නෑ මේවා ඕන නම් ඉල්ලන් කන්නත් පුළුවන් 
මැණිකේට මම පිඟානකට බෙදලා දෙන්නම් නිදහසෙ ඉඳගෙන කන්ඩ

සිම්බා ගැන කිව්ව වෙලේ තමා මට මතක් වුණේ 
අම්මපා මැණිකේගේ ආරස්සාවට මම ඕකා ඊබෙ එකෙන් ගත්තට පස්සෙ 
ඒ උන්නැහැලා කිව්වෙ ඕකා රජ බල්ලාය. දඩයමට රුසියාය. 
හොරුන්ට මරුවාය. ස්වාමියාට දෙයියාය අසල්වැසියන්ව කනවාය කියාය. 
බලන්න ඉතින් එහෙම කියපු එකා අද මගෙ නමට කරන නින්දාව සුලුපටුද 
ඕකා හමගසා බෙරයක් සාදා ගමටම ඇසෙන්නට බෙර ගැසිය යුතුය 
ඒක⁣ට අඬ බෙර ගැසීම යනුවෙන් තමා අපෙ පලාතේ කියන්නෙ 

අතුරු ආන්තරාවක් නැතුව මයෙ මැණිකේ කොළඹ රටේ ඉන්නවාය 
කියන හකම මගෙ හඳුන්පොත හීතල කරන කාරණාවක් ය 
කියන එක මයෙ මැණිකේට ආය කියන්ඩ ඕනියැ 
මම අලුතෙන් අරන් දීපු BMW එකේ රට වටේ ගියාට කමන් නෑ 
මැණිකේ එක එකාලට මයෙ නමට ලිව්ව සෙහෙහෙ පවාලා දෙන්ඩ එපා සදහටම ඔබ මගෙ කියලා මඟුලක් ගන්ඩ ඉන්න වෙලාවෙ 
මට සවලක් අරගෙන මගෙම වළ කපාගන්ඩ කටයුතු සලස්වන එකක් නෑ 
කියලා හිත හදාගන්නම් දෙයියූ 
එහෙනම් අවුරුදු නිවාඩුවට ගමේ එද්දි මටත් ඔය රෙද්දක් කාරිය අරගෙන ආව නම් 
අව් රස්නිය වැඩිකමට ඉනෙ වස්තරෙත් නැතුව තමා ඉන්නෙ 
මැණිකෙට නුල් බඳින්ඩ සල්ලි නැති නිසා රෙද්දක් අරගෙන එනවා ඕං හොඳා 

ආවඩා ආයුබෝවේවා !

#මකරි 

Siththam Maya | Anu Perera. Powered by Blogger.