Ads Top

දුර්ගාවසානය


දුර්ගාවසානය

සිත්තම් මායා | මකරි 

ගිරි දුර්ග පසු කල අවසනත්
හිතවත
තවත් ආගාධයකට වැටේ නම්
හදවත
උඹව මරා දැමු තැන සිට මට
වෙහෙස නැති එක අරුමැකි....

බොහෝ දුර පැමිණියෙම්
බොහෝ තැන් වල නැවතුණෙමි
එසේ සිත රිදවා ගෙන අවසන
හුදකලාවක දැල වියුවෙමි

සුලඟ එන්නෙ යම් සේද
අද හෙට වුවර කවරකද
දෑතින් අල්ලා ගත නොහැක 
ඉතින් බලා ඉමි ස්නේහයෙන්
අතැර යන්නන් දෙස ආදරෙන්

මන්දාරමක වෙලී රහසේම
හැඹිලියකට එකතු කර ගත්
ජීවිතේ සිහින මායාකාර
ඉතින් බිම තැබිය යුතුමද?

වසත් කල නුඹ නොඑනා ජීවිතයක...."

#මකරි


Siththam Maya | Anu Perera. Powered by Blogger.