ඒ ඇස් ❤️
සිත්තම් මායා | වරුණ ජයසිංහ
අරගලය ඇදුනේම ආදරය වෙනුවෙන්
නුඹ එතැන හිටියේ ජීවිතේ ගැටුමෙන්
දැක්කාට පසු එදා පාසලේ නැටුමෙන්
අදයි ඉස්සෙල්ලාම දැක්කේ නුඹව නිළ ඇඳුමෙන්
බැරියර් තමයි සුන්දරම ජීවිතේ ඇතුලෙන්
එතකොටයි දැනගන්න හැකි එකිනෙකා පතුලෙන්
අම්මා දුරු රට ගියත් නුඹ හිටිය පොත පතේ සතුටෙන්
මොනවාද නුඹව වෙන්කළේ ඉස්කෝලෙ ගවුමෙන්
මුව සරසා ගියා මිස හැමදා සිනා රැල්ලෙන්
එකම දසුනක් දුන්නෙ නෑ නුඹ ඔය දෑස් කැල්මෙන්
එහෙම විටකදි ඉවසා දරා සිටියද මා නුඹට ඇල්මෙන්
නුඹ කොහොමද ඇඳිනුවේ අද මාව එක බැල්මෙන්
- වරුණ ජයසිංහ -
ඡායාරූපය - Shantha Rathnayake

Comment with Facebook