Ads Top

අලුත උපන් කඩදහි දරුවෙකු බලන්ට !


සිත්තම් මායා | අනූ පෙරේරා 

ඔය මදුරාසි නයි මල්ල තියාගෙන 
මටත් ඉඩක් අල්ලගනින් ඒනම් අද 
ඇහැකි නම් පිටිපස්සේම පෝලිමේම 
ඇයිද් දන්නවද 
ෆෝකසින් වැඩි තමා ඉස්සරහම 
හැබැයි අඩු නැද්ද දකින වපසරිය 
පිටිපස්සේ ඉඳන් හැමදේම 
බලාගෙන අහගෙන ඉන්න  
හිතුනොත් සෙල්පියක් දෙකක් ගන්න 
ඉන්ස්ටග්‍රෑම් ස්ටොරියක් එවෙලේම දමන්නට 
හෙනම බොරින් නම් නින්දකුත් දමන්නට 
කාටවත් පේන්නෑ 
මට මං වෙන්න 
ඉතිං අපි යමු බලන්න 
තනියෙන් නැත්තම් ගැන්සි ගහගෙනම 
අලුත උපන් කඩදහි දරුවෙකු දකින්න 
මිනිසෙකු ලේඛණයේ මවක පියෙකු වන මොහොත බලන්න 
අම්මපා දැකලා තියෙනවාද ඒ සතුට 
ඒක තමයි මිනිසෙකුගේ ඉනර් සතුට 
අහ්හ් නෑ වැරදුනා 
සැනසීම 
හරවත් බරවත් කතා ඉවර වුණු මොහොතෙම 
තේ උගුරක් එක්ක කේක් කෑල්ලක් කන්න දුවන්න 
අර පුරුදු මහවැලියේ පොට් එකට 
ඒක වෙනමම ආතල් එකක් බං සිරාවටම 
කිසිම දෙයක් දන්නැති මෝඩයෙක් වාගේ හැසිරෙන්න 
ආන්න එතකොට පුළුවනි එක්රැස් කරගන්න 
උඹ නොදත් දැනුම හරි බරට 
අම්මපා විශ්වාස කරන්ඩ 
උඹ මහවැලියෙන් එළියට බහින්නෙම 
හෙනම මොරාල් එකකින් 
විශ්වයේ කොහෙටහරි වැඩක් වෙන විදියට !

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.