Ads Top

ප්‍රේමයට හසුනක් ❤️


සිත්තම් මායා | වරුණ ජයසිංහ 

අපි වුනත් කැමතිම දෙය නිතරම හමුවීම 
කෑගසා කියන්නට හිත් වන දේ රහසින් මිමිණීම 
සිදු වුවත් යම් තැනක ජීවිතේ කීමට නතුවීම 
හිත තවත් නොනැවතූ යමකි මතකය සැමරීම

අමාරුම තැන් වලත් ළඟ ඉන්න බව පැවසීම 
පමණක්ම සිහි තබා, කල යුතුය රිදුමෙන් වෙන්වීම
හිත නිතරම ඉල්ලන දේ නොවෙද තනිවීම 
නොසිතා ඉන්න හැදුවමයි වෙන්නෙ වැඩියෙන් සිහිවීම

අපහසුම දෙය මතක තිප්පොලවල් පසුකර යාම 
එවිට නොදැනුවත්වම විය හැක කඳුලක් ඒම 
කලකදි එයටම එක්වන්නකි සිනාවක් පෑම 
පැරණිම හාදුත් එතැනදී නුඹ සනසනු ඇත බෝම

දස දහසකුත් කවි ඇති නමුත් සඳ ගැන ලීව 
සඳ කිසිවෙකුටත් නොකියූ වග, උපමාවක් වීමෙහි රිදුම 
හමුවීම් නොමැති වුව කිසිත් නොකියා ආදරේ දීම 
නුඹත් සඳෙන් උගෙනිය යුතුය ඒ ඉවසීම

- වරුණ ජයසිංහ -

Siththam Maya | Anu Perera. Powered by Blogger.