Ads Top

අනේ අපි මුණ නොගැසුනා නම් !


සිත්තම් මායා | අනූ පෙරේරා 

තාමත් මං කර උඩ තියාන
මාම අත්හල ඒ සිතුවිල්ල
මං දන්නවා සොඳුර
නුඹට මතකවත් නැති බව දැන් එය
හමුවුනේ ඇයි අපි එහෙම
අහඹු වේලාවක අහඹු වපසරියක 
තාමත් එහෙම්මයි බං නුඹ
කෙට්ටුයි උසයි ටැපැස්කියක් වාගේම 
හැදෙන්නෙම නැද්ද ඔය සිරුර
කුඩු ගැහූ එකෙක් වාගේන
අන්න එහෙමත් විසුළු කළා 
අපේ උන් නුඹට
අම්මපා සත්තයි 
පෙනී ඉඳියේ මා නුඹ වෙනුවෙන්ම
යහළුකමේ නාමෙන් බව 
මන්දා බං අපි අතර වුණු සටන
තාමත් බ්ලොක් ලිස්ට් එකේ නුඹේ නම
තියෙද්දී දැනෙනවා පපුවම කඩාන යන ගතිය
ඔව් මං පිළිගන්නම් 
ඒක පූරණ මාගේ වරදම බව 
නුඹට ලෙන්ගතු වූවාට 
වෙනම ලෙවලයකට 
නුඹට දැනෙන ලෙස හිඳ 
අදටත් තාමත් සොයනවා මම 
ඒකට හරිම උත්තරය 
අත් හැරීමෙදි මම සූරයෙක් බව
තාමත් විස්වාස කරනවද මොන බොරුද 
එහෙමනම් මේ අකුරු ලියැවෙන්නේ මන්ද
අත් හැරුණා නම් හදවතින්ම
ඇයි අපිට බැරි වුණේ හිඳින්නට සම්මතයක !

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.