Ads Top

අනුවගෙයි මකරිගෙයි පෙම් පලහිලව් - #පහ


සිත්තම් මායා | මකරි 

අධි මාත්‍රවෙන් මා නිතර පානය කරන කසිප්පු බඳුන වෙත ආදරෙනි.....

උපන් දිනය යැයි කියමින් හඬ නගා වෙර නඟා ඔබ තනිව කේක් වැලදු සෝකය පදනම් කර ගනිමින් මා මෙසේ ලියන ලදි. බොහෝ කොලු කුරුට්ටන් නුඹ වටා කැරකෙද්දි මා චීන මහා ප්‍රාකාරය මෙන් නිතර නුඹව රක්ෂා කරන බව නුඹ දනිද දයාවතියේ... විස් කොරන මුවාවෙන් ඔබට බැල්ම දැමු එක් මිලියන හැට කෝටි පනස් පහකට අධික තරුණයන් සංඛ්‍යාවක් අතුරුදහන් වු බවත් දෙකෝටි හැටපන් ලක්ෂ සතපනහෙ ඒවා සත පනහක පිරිසක් මරුමුවට පත් වු බවත් ඔබ නොදන්නවා විය හැකිය... සුදු වෑන් විශාල ප්‍රමාණයක් මේ සඳහා යෙදවු අතර එම වෑන් තුලට නපුංසක ස්ත්‍රින් පමණක් යොදවා එවුයෙ ඒකෙ නැග එන එවුන්ද ඔබට බැල්ම දමාවි යැයි සංත්‍රාසයෙනි. 

බුක්මාර්ක් බිස්නස් එක ගැන අප තවදුරටත් කතා කල යුතුමය... මම කෙසෙ හෝ තව ප්‍රමාණයක් අදාල ස්ථානයෙන් සොරකම් කර ඔබ අතට ලබා දෙන්නම්.. ඔබ පුහුණු කල පටපණුවන් හටත් එයම පවසන ලෙස දැනුම් දෙන්න. අප ඒ සියල්ල විකුණා පොහොසතුන් වී රටේ ජනාධිපතිකම පැහැර ගැනීමට සුදානම් වෙමු.....

ඔබ දන්නවාද කොඳුරිය ඔබව ආශ්‍රය කිරිමෙ ප්‍රථිඑල ලෙස අදිසි ක්ලාන්තය, වමනය, බඩ දැවිල්ල, කෑම අරුචිය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර දවසින් දවස බඩ තෙලට දැමු පපඩමයක් මෙන් උස්ව පෙනෙන්නට පටන් ගෙන ඇත. එකී රෝග ලක්ෂණ සලකා බලා අතීසාරයට ඔබ පෙර ගසන ලද අමුඩය මා වෙත ලැබෙන්නට සලස්වන මෙන් ඉල්ලා සිටිමි.

මා එවු බර්ත් ඩේ ප්‍රසන්ට් පොජ්ජ බොහො ප්‍රවේශමෙන් තබාගන්න. නිතර බිඳෙන සුළු බැවින් නොබිඳෙන ලෙස තබාගන්න උත්සාහ කරන්න. මගෙ පිවිතුරු ආදරෙ අංශු මාත්‍රයෙන් මාත්‍රය තුන්වරුවක් මතුරා එයට බහා ඇති අතර ඔබ එය පණ මෙන් ආරක්ෂා කරන්න. කව්රුන් හෝ එය පැහැර ගත හොත් වහා 119/118 යන දුරකතන අංක වෙත දැනුම් දෙන්න. එහි මා පුහුණු කල පොලිස් බල්ලන් ඔබට සොරා අල්ලා දෙනු ඇත.

අදට නවතිමි.
මෙයට හන්දියට වී කසියා විකුණන 
කසිංචිනා අගුල්වතී 😎

#මකරි 
Siththam Maya | Anu Perera. Powered by Blogger.