Ads Top

සංසාර යාත්‍රාව - නුඹ එහි මාත්‍රාව


සිත්තම් මායා | මකරි 

යාත්‍රාව දියත් කර බෝ වේලා ගොසින් ය 
වෙරළ හැරයන්න ඔන්න මෙන්නය 
සුලඟ පවා මවන්නෙ කටුක නිහැඬියාවක්මය... 
හැරී බලමි...ජීවිතය තවමි....නැවත නොතැවෙමි 

හැර දමා සියල්ල හිස් අතින් ආවේ මමමය 
හුදකලා නුවරක මාලිගා තැනුවේද මමමය 
නුඹ බලා උන්නා පමණය 
අත් උදව් හෝ නොමැති ව මා වෙහෙසුනෙමි 
නැවතත්...නැවත නැවතත්..... 

අහසෙහි මාළිගා තැනු වරදට 
හිමි දඬුවම ඒ නුවරින් පිටව යාමමය 
නුඹ දිනක රජ වනු ඇත 
එහෙත් මගෙ ලොවෙ නොව නුඹෙ ලොවෙහිය 

යාත්‍රාව රැහැනින් මිදි අවසන්ය.... 
නැවත හැරී බැලීමක් නැති එ'ගමන නොනවතිමි.... 
ප්‍රදිපාගාර හමු වනු ඇත .. එළිය දෙනු ඇත.... 

නමුත් හිතවත කිසි දිනක එය ඔබ සමඟ නොඑනු ඇත.... 

ඉතින් එයට ආදරය යැයි නම නොතබමි.... 

අවස්ථානුකුලව හැඟීම් මරමි.... 
එයට ආදරය යැයි නම තබමි 

මකරි 
Siththam Maya | Anu Perera. Powered by Blogger.