Ads Top

අඳුරු ආලෝකය !


සිත්තම් මායා | කිසා 

මිනිස්සු වැඩියෙන්ම කැමති ආලෝකයටද අඳුරටද 
මම නම් හිතන්නේ මිනිස්සු වැඩියෙන්ම කැමති අඳුර අතරින් ආලෝකය දකින්න
අඳුර වැටෙන්නම ඕනේ මිනිස්සුන්ට ආලෝකයේ අගය තේරෙන්න
අඳුර කියන්නේ අපිට හොදට හිතන්න පුලුවන් දෙයක්
ආලෝකය කියන්නේ අපිට හොඳට දකින්න පුළුවන් දෙයක්
ඒ වගේම ආලොකයයි අඳුර එකට තියනකොට 
අපිට අපි හිතන දේ දකින්න පුළුවන් 
හරිම කලාත්මක විදියට
මෙරුවෝ ආලෝකය හොයාගෙන එන්නේ ඒ උන්ගේ අවසානය කියලා නොදැන
ඒත් ඒ කෙටි කාලය ඇතුළේ 
මම හිතන්නේ ඌ මාර ආශ්වාදයක් විඳිනවා 
අපි නිදාගෙන ඉන්න වෙලාවට 
කවුරු හරි ඇවිත් ලයිට් එකක් දැම්මොත් 
අපිට තරහා යනවා
ඒ වෙලාවේ අපි සමහර විට හොඳ හීනයක් බල බල ඉන්න පුළුවන් 
ඒත් ඒ හීන හැබෑ කරගන්න නම් අපිට ආලෝකය ඕනෙමයි
මම හිතන්නේ මිනිස්සු ගොඩක් පුරුදු වෙලා තියෙන්නේ 
නයිට් බල්බ් එකක් දාගෙන නිදාගන්න
ඒ ආලෝකයයි අඳුරෙයි අතර තියෙන ආතල් එක විඳින්න ආශ නිසා වෙන්න ඕනේ
රසවත් පොතක් කියව කියව ඉන්න වෙලාවට
පට්ට ෆිල්ම් එකක් බල බල ඉන්න වෙලාවට කරන්ට් එක කැපුවාම අපිට කේන්ති යනවා නේද
හැබැයි මෙහෙම වැඩක් කලොත් ඒ වෙලාවට ඒ කේන්තිය පොඩ්ඩක් පාලනය කරගෙන ඒ අඳුරේම ඇස් දෙක පියාගන්නකෝ
ඒ පොතේ ඒ ෆිල්ම් එකේ ආතල් එක හරියටම දැනෙයි එතකොට
අඳුර කියන්නේ තනිවෙන්න කියාපු දෙයක්
ඒ උනාට ඒ අඳුර අතරින් පොඩිම පොඩි ආලෝකයක්
ලැබුනොත් ඒ තනිකම තවත් ලස්සනයි
ඉටිපන්දමකින් දෙන අලෝකයේ චමත්කාරය 
කවදාවත් වොට් සීයේ බල්බ් එකකින් දෙන්න බෑ
සීයට සීයක් පේනවා කියන්නේ එතන කිසිම 
ජීවයක් නෑ
හෙවණැල්ලක් නැති රූපයක් කියන්නේ හරිම අප්‍රාණික දෙයක්
ඉතින් ඒ හෙවණැල්ල හදන එක ආලෝකයටවත් අඳුරට තනියම කරන්නන බෑ
අඳුරයි ආලෝකයයි එක්තැන වෙන තැන තමා 
මම නම් හිතන්නේ ජීවයක් උපදින්නේ
අන්න ඒ ජීවයේ හෙවණැල්ල තියෙනකල් තමා අපි ජීවත් වෙන්නේ

#කිසා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.