Ads Top

එයා දැන් ලොකු ළමයෙක් ! 100K+


සිත්තම් මායාව | අනූ පෙරේරා 

ඒක මාර්තු දහවෙනිදාවක් 
ඉරිදාවක් 
ලා වැසි දිනයක් 
මහරාණියගේ තුරුළේ ඉඳි මොහොතක් 
හිතවතෙකුගේ ඇමතුමක් 
ඉග්නොර් කළ මොහොතක් 
එක දිගට ඇමතුම් තුනක් 
"ඇයි බං ඇයි "
"කොන්ග්‍රජුලේෂන්ස් මචං"
"උඹේ ළමයා අන්න ලොකු ළමයෙක් වෙලා "
"සිත්තම් මායාව බලපන් පණ "
හරියට ස්තූති කරගන්නවත් සිහි නැති වුණු මොහොතක් 
"අම්මේ !"
" එයා දැන් ලොකුයි "
රොමැන්තික මොහොතක් 
ආදරණීය කඩයිමක් 
ඉමෝෂනල් අවස්තාවක් 
නෙවේ තනි සටනක් 
ලියවිල්ලෙන් සම්මාදම් වුණු මැජික් අත් දහයක් 
ජාලයෙන් ඔබට තිළිණ කළ තාක්ෂණ වැඩ්ඩේක් 
වචනයෙන් හෝ තල්ලු කළ කීපදෙනෙක් 
පළමු දැන්වීම දුන් ව්‍යාපාරික පොරක් 
ඒ අතරින් ලයික් කළ, කොමෙන්ට් කළ, ෂෙයාර් කළ හොඳ හිතක් දෙකක් 
පළවෙන හැම එකම කියැවූ බලකායක් 
ඒක මගේ සිහිනයක් 
ඉෂ්ඨ වුණු සවසක් 
මේ ලියැවුණු අකුරු කීපයක් 
නොවේද හොඳ ස්තූතියක් 
හදවතින්ම ගැලු ආදරයක් 

ස්තූතියි ! ස්තුතියි ! ස්තූතියි !

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.