Ads Top

සැරසේන් එල්ල වේන් යා !



"කවදා නම් මේ නෝට් ටික බලලා ඉවර කරන්නද බන්"

"එක්සෑම් අනිද්දා තව භාගයක් වත් පාඩම් කරලා ඉවර නෑ. "

"ඔන්න ඔහෙ ලබන සැරේම කලින්ම වැඩේට සෙට් වෙලා ගොඩ යන් බන්"

"මේ සැරේ පාඩම් කරන්න වෙලාව මදි මචං"

ඔහොම කාලයක් ඔයත් පහු කරන්න ඇති. නැත්තම් මේ වෙන කොට එහෙම කාලයක් ගෙවනවා ඇති. මේ සිද්ධිය ඔයාට පාඩම් කරන කොට වෙලා ඇති . ඔව් මටත් ඔහොම වෙලා තියෙනවා . ශ්‍රී ලාංකික අපේ ශිෂ්‍ය ප්‍රජාවේ පුරුද්ද තමා කලින් සූදානම් වීම පැත්තක තියලා විභාගයක් අත ලගටම ආවම වලිගෙ ගිනි ගත්ත හනුමන්තා වගේ පාඩම් කරන්න පටන් ගන්න එක. ඒක මටත් අදාලයි. හැබැයි ඒක වැරදි ක්‍රමේ කියලා පස්සෙ තේරුම් ගත්තා. ඉහලින්ම පාස් වෙන්න පුළුවන්කම තියෙද්දිත් ඔයා පාඩම් කරන්න එච්චර හිතන් නැතිකම නිසා විභාග කීයක් නම් යන්තම් ගොඩ ගිහින් ඇත්ද? නැත්තම් අසමත් වෙලා ඇද්ද? පෙර සූදානම මේක විභාගෙට විතරක් අදාල කාරණයක් නෙවෙයි.

අපේ හැම කටයුත්තකට පෙර සූදානම අවශ්‍යයි. තරඟයක් දිනන්න නම් දිනපතා පුහුණු වීම් අවශ්‍යමයි. යම් ක්ෂේත්‍රයක ප්‍රවීණයෙක් වෙන්න නම් විෂය ඇතුලේ ඔයා නිරන්තර පුහුණු වීම්, හැදෑරීම් කරන්න ඕන. උසේන් බෝල්ට් ලෝකෙම අති ශූර කෙටි දුර ධාවකයා බවට පත් වුනේ දවසක්, දෙකක්, සතියක්, මාසයක්, අවුරුද්දක් දුවලා නෙවේ. දින, සති, මාස, අවුරුදු ගණනක් බවට පත් කර ගෙන ඔහු පුහුණු වීම් කලා. මයිකල් ජැක්සන් ඔහුටම ආවේණික නර්තන විලාශයක් ගායනයේදී යොදා ගත්තේ අසීමිත කැපවීමකින්, දීර්ඝ කාලීන පුහුණුවකින්. මේවගේ හැම ක්ෂේත්‍රයකින්ම අති දක්ෂයින් බිහි වුනේ පෙර සූදානම තිබුණු නිසයි.



ඔයාට පුළුවන් එක රැයෙන් තරුවක් වෙන්න. හැබැයි ගොඩක් තරු හරි ඉක්මනින් කඩා වැටෙනවා. නිසා සෑහෙන කාලයක් මිනිස්සුන්ගෙ හිතේ අමතක නොවන මතකයක් වෙලා ඉන්න නම්, හදවතේ හැමදාමත් තරුවක් විදියට බැබලෙන්න නම් පෙර සූදානම ඇතිව වැඩ කරන එක අනිවාර්යෙන්ම ඕන. අපි හරියට වැඩක් කරනවා නම් එ්කෙන් ලොකු තෘප්තියක් අපිට ලැබෙනවා මම මේ දේ හරියට කලා නේද කියලා. නිසා ඔයා කරන දේ හරියට, පෙර සූදානමක් ඇතුව කරන්න පුරුදු වෙන්න. අන්තිම මොහොත වෙනකල් ඉන්න එපා. පෙර සූදානමත් එක්ක වැඩක් කරන කොට දැනෙන සතුම අසීමිතයි.අපි හොයා ගත යුත්තේ සතුට.

-         K. D සපූ

Siththam Maya | Anu Perera. Powered by Blogger.