Ads Top

අනුවගෙයි මකරිගෙයි පෙම් පලහිලව් - #හතර


සිත්තම් මායා | අනූ පෙරේරා 

ගිණි නොදෙන මකරියට රහසින් ලියමි,

මේ දිනවල නම් සිටුවේසන් එක නම් හරිම කුජීතය 
දහවල් කාලයේ දී මට හෙමි හෙමීට ඔපිස් එකේම නින්ද යනවාය 
ලොක්කාට මාට්ටු උනොත් නම් බඩු බනිස්ය 
අනේ එහෙම උනොතින් නම් 
අපි කාලා ඇඳලාත් හමාරය 
පුළුවන්නම් ගමේ දේවාලෙට 
මං වෙනුවෙන් පොල් පැලයක් බාරවෙන්ඩ
අර මං හීනෙන් නීට්ටෑවෙකු ලෙස ඔයාට රැවටී 
හොඳටෝම බිය වුණු කාරණාවත් 
කපු අංකල්ට කියන්ඩ 
ඔයාට හරියට අමතක වෙන නිසා මං වස්සැප් එකෙනුත් 
පණිවිඩයක් එයාට තියන්නං 
හැබැයි රස්සාවේ කාරණේට ලොකුවට බයවෙන්න දේකුත් නැත 
මොකද අර බුක්මාක් බිස්නස් එක නැගලම යනවය 
අරුතෙන් ඒවා නිකම් ගත්තු බවක් නම් කාටවත්ම කියන්නෙපා 
මං ඒවා මෙහෙ මාකට් කළේම 
සේද රෙද්දෙන් බේබි රිබන් සෑදු බවත්ය 
ඒත් එක්කම අපිම ඇති කළ පට පණුවන්ගේ 
ශ්‍රමයෙන් මහන්සියෙන් කාර්ඩ් බෝඩ් සෑදු බවත්ය 
දැන් උන්දැලාට ලාංකේය බව හොඳට මාකට් කරන්න පුළුවන්ය 
ඔව් ඔව් සුද්දියේ මිනිසුන් හොඳට ඇඳ ගන්නවාය 
මාත් අන්දනවාය 
ටික කලක් මෙයම කරගෙන සිටියෝතින් නම් 
මනමාලියන්ට පවා ඇන්දවිය හැකිය 
ඊටපසුව අපිට දිනේෂ් චන්දිමාල් ව පරාද කළ හැකිය 
අහ්හ් නැත ඒ චන්දිමාල් ජයසිංහ ය 
අර එදා අපි කතා වුණු පරදී 
මාගේ එළැඹෙන හතළිස් හත් වැනි සුබ උපන්දිනය 
ලංකාවටම ආවේණික වුණු තරු පහේ හෝටලයක් වුණු 
සැන්ගිරි ලා හෝටලේ ජය පහටම ගත හැකිය 
මේවට නම් කරුණාවතීගේ පපුව පැලිලාම යාවිය 
ඒ විතරක්ද සුබ මංගලිකාත් එසේමය 
ඕකුන් සිටියේ අපට වැරදෙනකම්මය 
ජයසිරියි ජයදේවයි තැන තැන අපට දෙස් දෙවොල් නම් අනිවාරෙන් තියාවිය 
එහෙම උනොත් අපි උන් දෙන්නාට මල් මල් චීත්ත දෙකක් තෑගී දෙම්මු 
බයවෙන්නෙපා මකා 
අපිට හොඳ කළ දවසක් යාවිය 
හැබැයි මොන දේ කරන්නත් කලින් මට මුල මතක නැතිය 
එන්න අපි මුලින් මුලට යම්මු 
ඉන්පසුව ජීවිතය ජය ගම්මු 
දැන් දැන් මට ගැලපීමට ලියුම් ලිවිය හැකි බව දුටු විටනම් 
ඔබේ ඇස් වලින් සතුටු කඳුළු උනනවා සත්තය 
හනේහ් මට එය වාවන්නේ නැත 
දැනට නවතින්නං 
ලියුමක් එනකල්,
බලා ඉන්නං කල්ප ගාණක් උනත් මං 
එදා කී කතා සිත පතුලේ තියා...

ආදරෙයි ආදරෙයි ආදරෙයි 

#අනුවා  

Siththam Maya | Anu Perera. Powered by Blogger.