Ads Top

යන්න තිබුනෙ හෙට නෙවේ අද


සිත්තම් මායා | මකරි 

මතක තියන් ඉඳලම දින
දැන් නම් බොඳ වී පෙනෙන්නෙ
ඈපා පංචාංග ලිත
එහෙ මෙහෙ වෙලා තිබුනත්
කනිසමක කටු ටික
නිච්චියක් ඇත්තෙ නෑ ඒ ගැන
වරුස කීයක් ගත වී තිබුනද?

අලුතෙන්ම වැඩ දාපු
සීකුයින්ස් අල්ලපු මඟුල් සාරිය
විකුණලා හුඟක් කල් කිව්වා
කෙල්ල ඇවිත් ගිහින් එන විට
හරි පරිස්සමි කරපු නුඹ නිදන
සුදු යහන් ඇතිරූ සඳ යහනත
උන් අරන්ගියා ණයයිලු අපි මේ ගෙට

ඇත්තමයි එකට යමු පණ කෙන්ද ගෙන
එහෙමමයි කියලා අරන් ගියෙ නැත මම
පිරිවානේ පැඳුරු ආනෙ ඇති හංගලා මම
හීනෙන්වත් ඇවිත් ඩිංගක් කියනවද?
නමෝ තස්ස භගවතො හෙම

මකරි

Siththam Maya | Anu Perera. Powered by Blogger.