Ads Top

අනුවගෙයි මකරිගෙයි පෙම් පලහිලව් - #තුන


සිත්තම් මායා | මකරි 

හිතම තිගැස්සි මංමුළා වී 
පාර අසා ගෙන හසරක් අසමින් 
යන ගමනේදි 
මං මුළා වු සමනළියකගෙන් ඉඟියක් ලැබුනාම 
දන්නවද පණේ පාවී යන්නමයි හිත 
දුර අවකාශෙ දිගෙ අනන්තයට 
ඉතින් මා එසේ කෙසේ කරන්නද?
ඔබ වැනි සුරූපු ලිඳක් 
නෑ නෑ ළඳක් 
දමා මා කෙලෙස නම් 
චන්ද්‍ර කුමාරට ලෙමන් පෆ් රැගෙන යන්නදැයි 
මට තේරෙන්නෙ නැත....

ඝන අන්ධකාරයෙන් පිරුණු අතීතයක 
ඉතිරිව ඇත්තෙ වස්තුවෙ 
⁣ඊයෙ රාත්‍රියේත් සෑහෙන්න 
මදුරුවන් පිරිසක් මා කා දමා ඇති බවය.
බැලු බැලු අත පලුය.
මේ අතෙත් පලුය.
මේ අතෙත් පලුය....
සර්වාංගයේම පලුය.
ඉතින් මා මුලු රැයක් පුරා 
උන්ට පලු යන්නට බැන බැන 
නිදාගත් බව ඔබ දන්නේද සොඳුරිය 

ඔබගෙ බෝතල් අඩි ඇස් දෙක සිහි වී
ඊයෙ රාත්‍රියේ මට සිදු වු දෙය ඔබ දන්නෙහිද?
ගුරුන්නාස්සෙ නම් කිව්වෙ 
හත් අට මාසයකින් පියවි සිහියට පත් විය හැකි බැවිය.
අනෙ සොඳුරිය මා ගොඳුරක් කර නොගන්න.
හාල් මැස්සෙකුගෙ වැනි මා ⁣ ශරිරයෙ 
ඔබට කන්නට මස් කලඳක් නැත.
ඒ නිසා ආදරයෙ නාමයෙන් 
ලේ ඩිංගිත්තක් පමණක් බී සැනසෙන්න

මේ ලියමන සමඟ 
මම ඔබට පත දිග ලොයන්නක් එවමි 
එය හොඳින් උයා කෑමට ගන්න..
එවිට ඔය ක්වෝශියෝකෝර් මැරස්මස් තත්වය පහව ගොස් 
ඔබව ඩයිනෝසර් කෑල්ලක් ලෙස මට දැකිය හැකිය.
දැන් මම නවතිමි 
ඔබට මං මහා හුඟක් ආදරේ බවත් 
ඔබ එනකල් තනියම ඉඳලා 
හිත හොඳටම අද මුලා වෙලා බවත් පවසමි.
ස්කූතුයි !

#මකරි 
Siththam Maya | Anu Perera. Powered by Blogger.