Ads Top

අනුවගෙයි මකරිගෙයි පෙම් පලහිලව් - #දෙක


සිත්තම් මායා | අනූ පෙරේරා 

ගිණි නොදෙන මකරිට ෆුල් රොමැන්ටික් සිතින් ලියමි, 

අනේ ඔබ, සිත්තම් මායා අක්කණ්ඩි අත එවූ 
වස්සැප් ලිපිය ලැබුණු බව කීම කැමැත්තෙමි
හෑයි ඒ වදන් වලට මට ලැජ්ජහා සිතුණි.
අර අයිස්කිරින් කතාවට හිතම හිරි වැටුණි 
පසුව මම සෙන්සොඩයින් වලින් හිත පිරිමැද 
හිරිය යවා ගත්තෙමි 
දැන් මා හොඳටම පිට් සිතින් සිටිමි 
ඔබ කීවාක් මෙන් දත කට මැදගෙනම 
හාප් ඩේ එකක් ලොක්කාට වැඳලා මෙන් ඉල්ලගෙනම ආවේ 
ඔය චූටි සුරතලේ බලන්නමය. 
'ආදරෙයි ආදරෙයි මං' ලෙස 
කුමාරි අක්කාගේ හඬින් ගායනා කිරීමට තරම් 
හිත සංතෝසෙන් ය.
ඕ යෑස් ය.
ඒත් යුටියුබ් එකේ වයිරල් වී 
රාළහාමිගේ නම්බුවට කැළලක් වේ දෝ බිය සිතුණි 
අනූ බබාහ් බිය නොවන්ඩ 
වයිරල් එකෙන් බේරෙන සැටි මං පෙන්නන්නම් 
ලෙස කියා මා වෙනුවෙන් මාරකෙට ඔබ පනිවී යැයි විශ්වාසය 
ඔබට යමක් උනොත් වනජීවී එකෙන් මට විසුමක් නැතිය 
එනිසා මා අයින් වෙලා පයින් යන ගමනය 
ඒකත් මේ කට්ට අව්වේය 
පාට පිච්චුනත් කමක් නැත 
ඔබ දුන් ගෝරි තාමත් ජුන්ඩ ජුන්ඩ ගානවාය 
හැබැයි පොඩි ප්‍රශ්නයක්ය 
එදා කණ්නාඩි උඩින් ගිහිං පුඩින් වුණු සැටි 
දැන් දැන් හීනෙන් පේනවාය 
ඉතිං මං දහදිය දමාගෙන ඇහැරෙනවාය 
මහරාණිය එකහෙලා කියන්නේ ඒ නම් සෙනසුරු එරෂ්ඨකේ නිසා බවය 
අනේ මට බයය 
හැකි විගස පිළිතුරු ලියන්ඩ 
මං බලාන ඉන්නවාය 

කොළමින් කුරුණෑගල හරහා නුවරට ලියමි. 
මෙය මුලට දමාගෙන නැවතත් කියවන්ඩ. 
ආදරෙයි ආදරෙයි මංංංංංංංං

ඕල්රයිට් ! 
මෙය නොතේරුණු අය හැකි විගස මකරිගේ කවි ලියුම කියවා එන්ඩ
ඒක මීට පෙර ලිපියය 
උඩ හෑෂ්ටැග් එකකින් අංකය සඳහන් කළාය 
ඒ ඔබේ පහසුව පිණිසය 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.