Ads Top

මහාරාණියි රාළහාමියි කොළොම්පුර ආ වග


සිත්තම් මායා | අනූ පෙරේරා 

සත්තකින්ම ඔවුන් හැර යනවිට 
දැනුණේ මට 
නොවේ ඒ කොලොම්පුරය 
මගේ මුළු හද මඩලම 
හැර යන බව 
දන්නවද ආයෙමත් දැනෙන්න ගත්තා මට 
අර සති කීපයකට කලින් දැනුණු පාළුව 
අම්මපා මගේ හදවත 
දැවෙනවා ඔයා නැති පාළුවෙන්ම මහාරාණි මැණික 
මං මේ ඇවිල්ලත් හිතින් ඇඩුවා 
ඈතට යනකල්ම අත වන වනම ගිය විදිය 
ඇත්තමයි වස්තුව මං දැක්කා 
ඔයාගේ ඇස් වලට පිරුණු කඳුළු කැට 
මාත් හිරකරගත්තා 
කෝම පෙන්නන්නද මං දුකින් බව 
බලෙන් වාගේ දාපු රුපියක් පන්සීයේ කොළ දෙක 
තාම සාක්කුවේ ඇද්දේත් නෑ තවම 
මට සතුටුයි ඔයාලා ආපු එකම 
මං කොලොම්පුරේ මොනා කරනවද බලපු එක 
අයියෝ මට තිබ්බා ගෙනත් දෙන්න 
ලෝකේ රසම අච්චාරුව ඔයාලගේ අත්ල මත 
ශික් මට වගක්වත් ගියේ නෑනේ 
කොහෙද මං ඉඳියේ වෙනමම ලෝකෙක 
අතරමං උනා ඔයා ගෙනාව ඒ බත් රස අස්සේම 
තාමත් කාමරේ සුවඳයි 
උපන්දිනේට මං දීපු සැන්ට් ඒක නිසා නම් නෙවේ නේද 
රාළහාමි නම් ඉතිං කොමත් තද පොර බව 
දන්නවා වස්තුව වගක් නෑ මට දැන් ඒක 
යමින් ගමන් අහන්නත් ඇති 
මොනාද ඒ දෙන්නා කුටු කුටු ගෑවේ හෙමීට 
කෝමත් එයා කුතුහලයි 
අපි දෙන්නගේ රහස් කසුකුසුවට ඒ කාලේ ඉඳන්ම 
ඔයා දන්නවද මගේ මහාරාණි පණ 
මට ඔයා නැති පාළුව කොච්චරද බව 
නෑ ඔයා දැනගන්න එකක් නෑ කවදාවත් 
ඒක දන්නේ මේක කියවන උන් පමණක්ම බව 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.