Ads Top

ලස්සන මනින්නේ පොත්තෙ සුදෙන් නෙමෙයි - Lupita Nyong'o



වර්ණ, ඇත්තටම ජීවිතයට වැදගත්ද?  ඔව්, වර්ණ ජීවිතේට වැදගත් වෙන වෙලාවලුත් තියෙනවා. ඒත් හමේ වර්ණය? හම මොන පාට වුනත් හැම මනුෂ්‍යයෙකුගේම හමට යටින් තියෙන හැම අංගයක්ම එක වගෙයි. හමේ වර්ණය ගැන හිත හිත දුක්වෙන කෙල්ලෝ කොල්ලෝ කොච්චර නං මේ රටේ ඉන්නවද.

                  තමන්ට උපතින් ලැබුන හමේ පාට වෙනස්කරගන්න කොච්චර නැහෙනවද. නිසා අපි හිතුවා හමේ පාට නිසාම හොඩ ගිය කෙල්ලෙක් ගැන කියන්න. තද කලු කියන්නේ කැත පාටක් නෙමෙයි ඒක වෙනම එකක් කියල ලෝකෙට ඔප්පු කරපු උන් අතරෙ තවත් එක කෙල්ලෙක් තමයි මේ.



                   සුප්‍රසිද්ධ " Black Panther"  චිත්‍රපටයේ  " Nakia"  කියන චරිතය ඔයාට මතක ඇති. මේ චරිතයට පණ පොවන නිළියගේ නම Lupita Nyong'o. කෙන්යානු ජාතික තරුණියක්.  උපතින් ලැබුනු හම ගැන ලුපිතා ගොඩක් කණගාටු  වුනා. එයා කියන විදිහට නින්දට යන්න කලින් හැම රැයකම වගේ ලුපිතා ප්‍රර්ථනා කළේ අවදිවෙනකොට හම සුදු වෙලා තියෙන්න ඕනෙ කියන එකයි. ලුපිතාගේ යාළුවෝ පවා සමේ වර්ණය නිසා ලුපිතව විහිලුවට ලක් කරලා තියෙනවා.

               කණගාටුවෙන් ඉන්න මේ කලු කෙල්ල  දකිනව එයා වගේම කලු කෙල්ලෙක් නිළියක් විදිහට දවසින් දවස ලෝකෙ පුරාම ප්‍රසිද්ධ වෙන විදිහ වගේම ලෝපතළ "Oprah Winfrey " . මේ දේවල් එක්ක ලුපිතගේ අමිමත් ලුපිතට තේරුම් කරවනවා හමේ වර්ණයට වඩා දක්ශතාවය වටිනවා කියන එක.


                 කලු හමෙන් වැඩක් ගන්න ඕනෙ කියල හිතන මේ කලු කෙල්ල මුලින්ම සහය නිෂ්පාදකවරියෙක් විදිහටත් පස්සෙ කෙටි චිත්‍රපටයක පොඩි චරිතයකිනුත් රංගන ක්ෂේත්‍රයට එනවා. හොඳට රංගනය ගැන හදාරන ලුපිතාට එක දිගට චිත්‍රපට චරිත ලැබෙන්න ගන්නේ හමේ පාට නිසයි කිවිවොත් හරියටම හරි. ඊට පස්සෙ Patsey, Steve Mcqueen, 12 Years a Salve, Black panther, Eclipsed ඇතුලු චිත්‍රපට රාශියක රඟපාන ලුපිතා හොඳම  නිළිය සම්මාන කීපයක්ම ලබාගන්නවා. වගේම හොඳම සහය නිළිය විදිහට ඔස්කාර් සම්මානයක් පවා ලබාගන්න එයාට පුළුවන් වෙනවා. ඒත් හැම සම්මානයකටම වඩා  වටින ජනතා සම්මානයක් ලුපිතට හම්බවෙනවා. තමයි 2014 වසරේ  ලස්සනම කාන්තාව විදිහට ඇයව තෝරා පත් කිරීම.

           සුදු වෙන්න ඕනේ කියල උදේ ඉඳලා රෑ වෙනකල් නහයෙන් අඬන කෙල්ලන්ට ලුපිතා එක පාඩමක් උගන්නනවා. තමයි ලස්සන  මනින්නේ පොත්තෙ සුදෙන් නෙමෙයි හදවතේ ලස්සනින්, හැකියාවෙන්,දක්ශතාවයෙන් කියන එක.

                     - පියුමි හෙටිටිආරච්චි -

Siththam Maya | Anu Perera. Powered by Blogger.