Ads Top

කොහොමටත් දේශපාලනිකයි, ප්‍රේමය


සිත්තම් මායා | වරුණ ජයසිංහ 

මැණික, 
උබ නොදන්නවට
රනිල්ට වඩා 
මං කයි කතන්දර ඇහුවා 
රටේ ලෝකේ එවුවොන්ගෙන් ,
මොනතරම් සංශෝධන ගෙනාවත් 
මං 
උබ ඒ එකක්වත් 
සම්මත කරන්න තියා 
කනකට ගත්තෙ නෑ ,
සමහර ඒවා 
ප්‍රතික්ශේප කලේ 
විවාදෙටවත් නොගෙනම,
අපිට තිබුනෙ ජන්දයක් තියන්න 
එත් වැඩක් නෑ බං 
යන එකා 
ජාතික ලැයිස්තුවෙන් හරි යනව ,
කොහොමෙන් කොහොමහරි 
මහින්ද ආයෙම අගමැති උනත්....... 
උබේ ආයේ නේන බව මතක් වෙනකොට 
මොන ව්‍යවස්ථාද බං ,
බීල බීලම 
වොඩ්කත් වතුර වගේ දැනෙන කාලෙක 
බුදු බණට හිලෑ වුනු යක්කුත් එක්ක බලද්දි 
මං උබේ සුවඳටත් වහ වැටුනු පෙරේතයෙක් වගේ ,
උන්ට දියවන්නාවෙදි ගහ මරාගෙන 
එකට ඉන්න පුළුවන් නම් 
රට වෙනුවෙන් ......
අපිට අර ගල් බංකුව ලඟදි 
බැරි උනේ ඇයි බං 
ගහ මරාගෙන හරි ලඟින් ඉන්න 
අපි වෙනුවෙන් ,
ලැබුනා නැතා 
රනිල්ට අගමැතිකම වගේ 
මට උබ ගැන 
පුදුම කැක්කුමක් තියෙන්නෙ ,
හත්දෙයියනේ ........
සිරා මේව දන්නවනං 
අම්මප මෙලහකටත් 
ගිනිතියල 
කුඹුරට ...

- වරුණ ජයසිංහ

Siththam Maya | Anu Perera. Powered by Blogger.