Ads Top

වෙස් ගත්තෝ




"සිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා" කියලා බෙග් මාස්ටර් සින්දුවකින් අපිට උගන්නනවා. ඔය කියන කතාව ගොඩාක් දුරට හරියටම හරි. බහුතරය එහෙම තමයි. සුළුතරයක් ඉන්නවා හිනාවෙනුයි කතාවෙනුයි මැන ගන්න පුළුවන් ජාතියෙ අය. ඇත්තටම අද සමාජෙ මනුස්සයෙක්ව ගොඩක් වෙලාවට සිනාවෙන් කතාවෙන් මැන ගන්න පුළුවන්කමක් නෑ. මොකද දාගෙන ඉන්නෙ වෙස් මූණක්. සමාජෙට පෙන්නන්නෙ එක මූණක්. එ්ත් ඇත්ත ජීවිතේ තව මූණක්. හරියට "හක්කෙ බුදු රැස් බොක්කෙ දඩමස්" වගේ.


අපිට හරි ආදරෙන් ලංවෙන අය ගොඩ දෙනෙක්ගෙ ඇත්ත ස්වභාවය හාත්පසින්ම වෙනස්. කපටිකම, වංචාකාරී හැඟීම් ඒ වෙස් මූණ ඇතුලේ තියෙනවා. ආදරෙයි කිය කිය උඹට ලං වෙන්නෙ මොකක් හරි ලාභ ප්‍රයෝජනයක් ගන්න අරමුණින් වෙන්න පුළුවන් . ඒ වෙනුවෙන් පාවිච්චි කරන්නෙ ආදරේ නාමෙන් දාගත්ත බොරු වෙස් මූණක්. අපිට බොක්කෙන්ම උදව් කරන විදියට කරට අත දාගෙන, වචනෙනුත් පණ දෙන්න කතා කරන යාළුවෝ ගොඩ දෙනෙක් උඹට මට කරදරයක්, ප්‍රශ්නයක් වෙනකොට අහලකවත් නෑ. දුසිම් දෙක තුනක් ඉන්න යාළුවෝ අතරින් ඒ වෙලාවට අපිට පිහිට වෙන්නෙ අතේ ඇඟිලි ගානටත් වඩා අඩු පිරිසක්. තමන්ගෙ කපටි අරමුණු වෙනුවෙන් තමන්ගෙම අම්මා තාත්තා, දරුවා පල් කියල බොරු පොරොන්දු දෙන්න පුලුවන් ජාතියේ පහත් ගති තියෙන මිනිස්සු මේ රටේ ඉන්නවා.


සමහරු ඉන්නවා අපේ ඔළුව අත ගගා ඉඳලා අපිත් නොදැන හීනියට අපිටම ටොක්ක ඇනලා යන ජාතියේ අය. මේ හින්දා අද කාලෙ හරි අමාරුයි වෙස් මූණු දාගෙන නැති අය හොයා ගන්න. සද්ගුණවත් ව්‍යාපාරිකයො විදියට රටට පෙන්නන සමහරු නීති විරෝධි බිස්නස් කරනවා, සුදු ඇදගෙන මිනිස්සු ඉස්සරහ කට පුරවල හිනාවෙන සමහර ඇත්තෝ කරන්නෙම පස් පව්. අහිංසක හිනාවෙන්, වශී කරවන කතාවෙන් මිනිස්සු රවට්ටන ඔය කොයි කවුරුත් දන්නෙ නෑ තමන්ගෙ වෙස් මූණ ගැලවෙන දවසකුත් එනවා කියලා. ඇයි අපි බොරු වෙස්මූණු දාගෙන සමාජෙට එකක් ඇත්ත ජීවිතේ තව එකක් කරගන්නෙ? ඒ මූණූ ගැලවුණු දාට ඒක දරා ගන්නත් සෑහෙන අමාරුයි නේද? ඉතින් මේ විවිධාකාර වෙස් ගත්ත චරිත අතර උඹත් තව වෙස් ගත්ත චරිතයක් වෙන්න එපා. උඹ උඹම වෙන්න ට්‍රයි කරපන්. මොකද කොයි වෙස් මූණත් තාවකාලිකයි. එ්ත් සැබෑ මූණ සදාකාලිකයි.

#KDසපූ


Siththam Maya | Anu Perera. Powered by Blogger.