Ads Top

අනෝතත්ත විල


සිත්තම් මායා | මකරි 

නුඹට කවි ලියා ඇති බව
නිතර හිත මට කියනවා
ඉතින් තව තවත් මම හිතනවා.....

තරු පිරුන අහසක් නම් නුඹ 
කුමට මම එහි හිදිනවා
ඒත් යන්න කලියෙන් දුක හිතෙනවා .....

සුලඟ එන නිසාවෙන් නිතරම
මම ලොවෙන් සැඟවී හිදිනවා
මඳක් ඉඩ ලද ඇසිල්ලක නුඹ සොයනවා.....

කට්ට ඇතුලත උන්න පලියට
බියගුල්ලෙකු ලෙස හණ වදිනවා
එහෙව් කාලෙක දන්නවද දන්නෑ නුඹ

"වැද්දො තිරය පිටුපස මියෙනවා"

එහෙව් කතා එකතු කර කර මම
මගෙ හිත ගැන හිත හිත තැවෙනවා 
නොමැරි මැරුනම දන්නවද පණ
ගැහැණියක් නිතරම ජීවිතේ දකිනවා

#මකරි 
Siththam Maya | Anu Perera. Powered by Blogger.