Ads Top


සිත්තම් මායා | වරුණ ජයසිංහ 

#කොළඹ 
එක හුස්මකින් කියල අතෑරියට
හුස්ම සිය දහස් ගණනක එකතුවක් 
#කොළඹ 
පොඩි වැස්සටත් 
උතුරන 
අවු රැල්ලටත් 
වේලෙන 
පොළවක් ,
හෙවනක් තියෙනවනං 
එකත් .......
වලාකුළු අල්ලන්න 
අහසට හදපු බිල්ඩින් යට තමයි ,
දවල් 12 වෙනකොට 
එහෙමවත් නෑ ,
මෙතන ඉන්නෙත් සාමාන්‍ය මිනිස්සු 
නමුත් ... අසාමාන්‍ය විදිහට පේන හේතුව 
එක එක ජාතියේ මිනිස්සු 
එකට රංචු ගැහෙන එක ,
අලුතින් මෙහෙට (ලංකාවට) ගොඩබාන
හැම බඩුවක්ම....... 
ඉස් ඉස්සෙල්ලම කරක්ගහන තැන 
#කොළඹ
(මං කියන්නෙ හැම බඩුවක්ම වගේ )
බස් එකට , කෝච්චියට නැංගත් 
ටිකට් එක කොටුවට නම් ......
ටවුන් එකේදී , හන්දියේදී , කඩපිලේදී 
නන්නාදුනන එකෙක් 
කොහෙද යන්නෙ ඇහුවත් 
උත්තරේ කොටුවට නම් .....
#කොළඹ 
ඉර නොබැස්සත් 
හැමදාම හවසට ......
හැම මිනිහෙක්ගෙම දාඩිය , කදුළු අරන් 
අළුපාට නිකොටින් දුම් වලා අහසට එකතුවෙන තැන 
#කොළඹ 
දවස ගානෙම 
හතර වටෙන්ම 
සිය ගණනක් හිස්ගෙඩි ඇදුනට.....
නවතින්නෙ එහෙමත් එකෙක් 
මොකද නවතින්නනම් ඌට පිස්සුවත් තියෙන්නම ඕන 
මේ 
#කොළඹ 
ඉතින් එක එක්කෙනාට 
එක එක විදිහට 
මේ ඉන්න හැමෝටම පිස්සු
#කොළඹ
මොකද දහස් ගානක් මිනිස්සු හිටියත් 
කොන්ක්‍රීට් තට්ටු මැදින්
මූදු හුළගත් එක්ක 
හිත් වල පතුලටම කිදාබහින........ හුදකලාව 
දරාගන්නවනම් .....
ඒ පිස්සෙක්ම විතරයි ,
ජනතා මනාපය මතින් මැති ඇමතිවරු 
ප්‍රාඩෝ වලින්, බෙන්ස් වලින් කාඩ් පිට දියවන්නාවට ඇදෙනකොට 
සුදු වෑන් , ඩිෆෙන්ඩර් මිනිස්සුන්ට එවන
#කොළඹ 
නමුත් 
මේ ගිණි කාස්ටකේ ඉවසන් 
කොන්ක්‍රීට් හෙවනක ජිවිතේ අටවන් 
මිනිස්සු ඉන්නවනම්...... 
එහෙම ඉන්න එකට කියන්නෙ 
ජිවත් වෙනව කියල නම්.......
ඒකට හොද හේතුවක් තියෙන්නම ඕන 
එහෙම එකක් තියෙනව 
ඒ තමයි 
#කොළඹ 
කියන්නෙ 
නගරයක් විතරක්ම නොවෙන හැගීමක් ......
ඔව් ..... කොළඹ කියන්නෙ හැගීමක් ,
ගමේ උදවියට පට්ට වුනාට 
මෙහේ උන් දන්නව කට්ට බව 
#කොළඹ 
කොහොමහරි අන්තිමට 
මේක නිතරෝම රැල්ල ගහන 
නගරයක් ,
නැත්තං හැඟීමක් .......
එහෙම හොදයි 
මේක නිතරම රැල්ල ගහන හැඟීමක් 
#කොළඹ

- වරුණ ජයසිංහ 

Siththam Maya | Anu Perera. Powered by Blogger.