Ads Top

Google Plus වෙත ලියමි


සිත්තම් මායා | අනූ පෙරේරා 

මොනා කරන්නද සබඳ 
අපට වෙන් වන්නට වනවා නම් ළඟදීම 
දිනෙත් දින ලං වෙනවා හරි ඉක්මනටම 
ගූගල් ප්ලස් ඔයාට ටිකක් හරි දුකයිද 
දන්නවද මං වගේ සමහරුත් ඔයාට 
පට්ට ලව් එකෙන් හිටියා 
ඒවත් දැන් ඔක්කොම ඉවරයි නේද 
හිතෙන්නැද්ද ඔයාට අපි හරි පව් එකඅතකට 
මොකද උන් ගේම ගහගත්තේම 
ගූගල් ප්ලස් වලට පිං සිද්ද වෙන්ඩ 
ඒ විතරක්ද අපේ බ්ලොග් වල හරි ලේසියට 
ගූගල් ප්ලස් කොමෙන්ට්ස් දාගන්න තිබුණා 
දැන් ඒකත් ඉවරයි නේද 
හොඳම එක මං සෝෂල් මීඩියා නැති කීපදෙනෙක්ටම 
රෙකමදාරු කළා උඹ හරි රැස්පෙක්ට් පොරක් ලෙසට 
මගේ සායමත් දැන් දැන් ඉවරයි නේද 
අම්මපා උඹට ඒ ගැනවත් ඩිංගක් හිතන්න තිබුන්නැද්ද 
පුළුවන්නම් ඕයි නිතර නිතර අර එන ඇලර්ට් එක නවත්තගන්නවද 
අප්‍රේල් දෙවෙනිදා ඉඳන් උඹ අතුරුදන් වනවා යන පණිවිඩය 
හිතට වේදනයි බං අපි නැගිට්ටේ උඹ අල්ලාගෙනම 
මං බ්ලොග් කාරයෙක් උනේ උඹ දුන් නිසයි 
උඹේ අත අල්ලා ගෙනම 
ඔව් සිත්තම් මායාවම දැන් ලොකු මිනිහෙක් 
උඹ ශක්තිමත් රැකවරණය දුන් නිසාම 
කමක් නෑ නොඑන ගමන් යනවමනම් යන්න 
ඒත් ඔය මහා දත්ත මැද්දේ මාවත් මතකයක් කරගන්නවද 
මට තාමත් තේරෙන්නෑ 
උඹ ගියාම මට දැනෙන පාළුව අකුරු කරන්නට 
ඒක හරියටම දැනෙන්නේ පවුලේ මරණයක් වාගේමනේ හිතට 
ඇත්තමයි බං පිං උඹෙන් වුණු සේවාවට 
ඉතිං ගූගල් ප්ලස් උඹට සුබ ගමන් 
'සතුටින් ඉන්නකෝ ඔයා' යැයි අපි කියමින්ම 
අනේ ඒයි ඇත්තටම නැද්ද පොඩි ඉඩක් ආයෙම අපි මුණ ගැහෙන්ඩ ?

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.