Ads Top

අනුවගෙයි මකරිගෙයි පෙම් පලහිලව් - #එක


සිත්තම් මායා | මකරි 

මාගෙ සදාදරණීය කිරි ඉබ්බි වෙත ලියමි,

ඉතින් කිරි ඉබ්බියෙ සැප සනීප කෙසේද?
විලේ වතුර එහෙම තියෙනවා නේද 
නාලා කරලා ඉන්ඩ.
එක වරක් විලෙ වතුර හිදි ගිය කාලයෙ 
ඔබ අහසින් ගියා මතකය.
මං කියු පරිදි 
ඔය ලොඹු කට වසාගෙන සිටියා නම් 
ඔබ මැරෙන්නෙ නැත.
එහෙමයි කියලා මළත් 
ඔබ හාවා සමඟ රේස් දිවු අයුරු නම් 
මා මළත් අමතක වෙන්නෙ නැත. 
මං දීපු තහනම් උත්තේජකය ගානට වැඩ කලා නේද?
ආය මම කිව්වොත් වචන දෙකක් නෑනෙ 
දන්නවනෙ මගෙ වැඩ කෑල්ල.....

මම දුන්න ගෝරි ගාලා ඔබ සුදු වෙලා ඇතැයි සිතමි.
මේකප් වෙලාවට දමා ගෙන වෝර්ඩ් යනවා ඇතැයි සිතමි.
හයි හීල්ස් නම් කෝමත් දමන්න 
නැතිනම් ඔබට පොළව පෑගේවි.
එහෙම වුනොත් නම් ඔබගෙ පතිවත් එක විනාශ වෙනු ඇත.
එවිට මට ඔබව ඩිවෝස් කිරිමට සිදුවනු ඇත.
ඔයා දන්නවද සුඟුලු කැටේ  
අනා ඉතින් හච්චින් බෝලෙ 
ඔයා අයිස් කීමක් වගෙය 
කන්නම හිතෙනවාය.
ලෙඩක් හැදෙයි කියලා මම ඉවසනවාය.
ආයමත් හමුවෙනකම් මම බලන් ඉන්නවාය. මෙච්ච්ච්ච්ච්ච්ච්චච්ච්ච්ච්ච්ච්ච්ච්චාරාක් ආදරෙ බව පවසමි 
පරවි රැජිනියේ එදා වගෙ අදත් ඔබට තවම මම ආදරෙය.

#මකරි 

Siththam Maya | Anu Perera. Powered by Blogger.