Ads Top

කොයි ගෑණිටත් තියනවා හයිබිරීඩ් හීනයක්


සිත්තම් මායා | මකරි 

මැටි බිත්තියකටත් ආස ඇති
හුනු පිරියමින් හැඩ වෙන්න
හිතෙ තියනා පාට වලින් ඇද
රටා මවා හැඩ බලන්න

වේල් එක සුදෝ සුදුවට
පොට ටිකක් දිගට ඇදෙන්න
පොලව ඩිංගක් සිමෙන්ති දමා
ඒ උඩින් ඇවිදන් යන්න

පහල ළිද වුනත් උන්නාට ඔහේ
කාලයක් එක තැන ඉන්න
කොයි ගෑනිද ආස මහත්තයො
එක තැනක පල්‍ වෙවී ඉන්න 

පොල් අතු ගලවලා ඉක්මනින් 
උලුවත් හෙවිල්ලා හෙවනක ඉන්න 
හීන හැඩ වුනාට කොයි රටේද
පිනට සම්පත් හෙම පහල වෙන්නෙ

කිතුල් රෑන් කොණ්ඩය දිගයි ඉස්සර 
කටවහක් නෑ එල්ලුනෙ නෑ තන දෙක
විකුණන්න කලින් හීන හරි ලස්සනයි 
පිරිමි අත් වලින් වුනෙ තැලෙන්න

"දැන් නම් වගක් නෑ සල්ලි එකතු කරා මිනී ඇදුමක් ගන්න"

#මකරි
Siththam Maya | Anu Perera. Powered by Blogger.