Ads Top

අවශ්‍යතාව සහ කැපවීමට දෛවය වෙනස් කළ හැකියී - කන්ගනා රනවුත්


ඉන්දියාවේ බොහෝ තරුණ තරුණියන්ගේ සිහිනය වෙන්නේ හොලිවුඩ්පුරයට පා තැබීමයි. ඉන්දියාව වැනි විශාල රටක එම සිහිනය සැබෑ කරගත හැකි වන්නේ ඉතාම සීමිත පිරිසකට පමණයි. බොහෝ බොලිවුඩි රංගන ශිල්පීන් ශිල්පිනියන් රංගනයට අවතීර්ණ වන්නේ පවුලේ උරුමයත් සමගයි නොසැලෙන කැපවීම සහ හඹායෑම නිසාම බොලිවුඩයට පා තැබූ තාරකා සිටින්නේ ඉතාම අතලොස්සක් පමණයි.

කැරළි ගැසුනු කෙස් කලඹක් හිමි සුරූපී අති දක්ශ බොලිවුඩි තාරකාව කවුරුන්ද යැයි ඇසුවොත් ඔබගේ සිහියට නැගෙන තාරකාවද තම චිත්ත ධෙර්ය සහ දක්ශතාවය මතම බොලිවුඩය දිනූ තාරකාවක් බැවි බොහෝදෙනා නොදන්නා කරුණකි.



කන්ගනා රනවුත් බමිබ්ලා නමි කුඩා ගමේ ඉපත ලබන්නේ 1987 දීය. කුඩා කල ආර්ථික අපහසුකම් නොතිබුනද තමා ඇයගේ පවුලට වුවමනා නොවූ දරුවෙකු බවයි කන්ගනා ප්‍රකාශ කරන්නේ. ඇයගේ පියාට අවශ්‍ය වූයේ ඇය වෛද්‍යවරියක් වනු දැකීමයි. නමුත් කන්ගනා ඉගෙනුමට දක්ශ දරුවකු නොවීම පිළිබඳව ඇයගේ පියා ඇය පිළිබඳව ප්‍රසාදයක් නොදැක්වූ බවත් ඇය ප්‍රකාශ කරනවා. අවුරුදු 16 දී අධ්‍යාපනයට තිත තබන කන්ගනා දිල්ලිය වෙත පියමං කරනුයේ ඇයගේ පවුලේ දැඩි අකමැත්‍තත් සමඟයි. ඇයගේ පියා ඇය වෙනුවෙන් වියදම් කිරීමට පවා අකමැති වූයෙන් එම යුගය ඇයගේ ජීවිතයේ අඳුරු කාලයක් බවයි කන්ගනා පෙන්වාදෙන්නේ. 

දිල්ලියේ තනි වන කන්ගනාගේ සුන්දර රුව නිසාම ඇයව මෝස්තර නිරුපීකාවක් ලෙස බඳවා ගැනීමට එක් ආයතනයක් සිය කැමැත්ත දක්වනවා. කෙටි කලක් නිරූපිකාවක ලෙස කටයුතු කරන ඇය එක්තරා වේදිකානාට්‍ය කණ්ඩායමකට බැඳෙන්නේ ඇයගේ නියම මාර්ගය මෝස්තර නිරූපණය නොවන බැව් තේරුම් යාමත් සමඟයි. දක්ශ ලෙස වේදිකාවේ රඟ දැක්වූ ඇයව චිත්‍රපට අධ්‍යක්ෂකවරයකුගේ දෑස් වෙත යොමුවන්නේ දෛවයේ නියමයට අනුවයි. 2005 වර්ශයේ “ගැන්ස්ටර්” චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවට පණ පොවන ඇය ප්‍රථම චිත්‍රපටයෙන්ම හොඳම නිළිය සම්මානය ගැනීමට තරම් දක්ශ වනවා. ඉන්පසු ඇය Fashion, Rangoon, Tanu Weds Manu, Queen, Simran, Manikarnika ඇතුළු චිත්‍රපට රාශියක් තම රංගන කෞශල්‍යයෙන් හැඩකරනු ලැබුවා.


බොලිවුඩයේ සුප්‍රසිද්ධ රංගන ශිල්පීන් කිහිප දෙනෙකු ඇයගේ ජීවිතයට සමිබන්ධ වූවද ඔවුන් සියලු දෙනාම තමාව කායිකව සහ මානසිකව පීඩාවට පත්කළ බව කන්ගනා මාධ්‍ය හමුවේ පවසා සිටියා. ඕනෑම අසාධාරණයක් නොබියව මාධ්‍ය හමුවේ හෙළි කරන ඇය වරක් ප්‍රකාශ කරසිටියේ බොලිවුඩයට පා තැබූ මුල් අවධියේදී ඇය ඉංග්‍රීසි භාශාව හැසිරවීමට අපහසූ වූ නිසා බොහෝදෙනා ඇය බොලිවුඩයට අවශ්‍ය නොවන කෙනෙක් ලෙස ඇයට සැලකූ බවයි.

කන්ගනාගේ පවුල විසින් ඇයව නොසලකා හැරියද ඇය අද ආදරයෙන් ඔවුන් සියළු දෙනා රැකබලාගන්නේය. කන්ගනාගෙ වැඩිමහල් සහෝදරිය ඇසිඩි ප්‍රහාරයකට ගොදුරු වූ අතර කන්ගනා ඒ පිළිවදව බොහෝ සිත්තැවුල්ට පත් වූ බවද වාර්ථාවනවා. අද ඇයගේ කළමනාකාරිනිය ලෙස කටයුතු කරන්නේද ඇයගේ එම සහෝදරියයි.



බාධක වලට ජීවිතය හැරවිය නොහැකි බව පසක් කල කන්ගනා අද වන විට ඉන්දියාවෙ වැඩිපුරම මුදල් අයකරනා නිළියන් අතර දෙවැනි ස්ථානය හිමිකරගෙන සිටිනවා එසේම බොලිවුඩයේ හොඳම රංගන ශිල්පිනිය ලෙස කිහිපවරක්ම සම්මාන ලැබීමටද ඇයට හැකිවූවා. අවශ්‍යතාව සහ කැපවීමට දෛවය වෙනස් කළ හැකියී යන්න ඇය අපට ලබා දෙන ආදර්ශයයි.

- පියුමි හෙටිටිආරච්චි -



Siththam Maya | Anu Perera. Powered by Blogger.