Ads Top

මගේ ගැහැණු ආදරය !


සිත්තම් මායා | අනූ පෙරේරා 

මට හරියටම දැනුණේ 
ඒක date එකක් වාගේ 
ඒ සෙනසුරාදාවේ අවසානය 
ඔව්, හැන්දෑවේ හයයි විනාඩි විස්සට පමණ 
අකුණක් දෙකක් එක්කම 
ඉස්තෝප්පුවේ ඇයයි මමයි ළඟ ළඟම 
අපි ඉඳියේ අඳුරත් එළියත් අතරම 
හරි සීතලේ 
ඉතිං අපි හදාගත්තා දුම දමන 
කෝපි කෝප්ප දෙකක් 
මං ආසම 
ඒ ගෙවුනේ හරිම වෙලාවයි 
ඇගේ කන මත තබන්නට 
සතියක් මුලුල්ලේ වුණු කොලොම්පුර විස්තර 
සුපුරුදු විදියටම 
දන්නවද, 
ඒකෙන් මගේ ආත්මය නිදහස් වන තරම 
ඔව් කියනවා හැමදෙයක්ම ඇයට 
හැම හොඳක් ම, හැම නරකක් ම, 
මං අත්හදා බැලුව 
"හොඳයි ! පරිස්සමින් ! පෙනේද මුරණ්ඩුකම ! ඒත් පරිස්සමින් ! හ්ම් හ්ම්ම් පරිස්සමින් ! ඒ උනාට පරිස්සමින් ! "
පරිස්සමින්, පරිස්සමින්, පරිස්සමින් 
ඒ ඇගේ වචන 
ඕම පැය ගණනින් අපේ කතාව 
තේරුණේම නෑ වෙලාව දැන් අටටත් ළඟයි නේද 
මං හරිම ආස වුණා ඒ රොමැන්තික මොහොත 
වැස්සයි කෝපියි මිශ්‍ර වුණ 
ඇයයි මමයි තනිවුණ 
වෙලාවත් හෙමින්ම ගෙවුණ 
මගේ ගැහැණු ආදරය 
නුඹත් දන්නා මහරාණිය !

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.