Ads Top

කටු බොඩියක් තියෙන කළු කොල්ලෙක් ගිය දුරක් - ධනුෂ්


 

කටු බොඩියක් තියෙන කළු කොල්ලෙක්ට පික්චර් එකක ප්‍රධාන චරිතෙ රඟපාන්න  පුලුවන්ද? ඔව්. පුලුවන්. ප්‍රධාන චරිතෙ රඟපාන්න විතරක් නෙමෙයි, මිනිස්සු අතරේ සුපිරි වීරයෙක් වෙන්නත් පුලුවන්. ඒක අපිට හොඳටම ඔප්පු කරල පෙන්නුවෙ වෙන කවුරුත් නෙමෙයි “මා.....රි”.




කොල්ලා සුදු නැහැ හැබැයි දැකුම් කලුයි. පිම්බුන ඇඟක් නැහැ. හැබැයි රඟපාන්න දක්ෂයි. ඒ වගේම ආකර්ෂණීයයි. ඒ නිසාම හැඩකාර සුදු කොල්ලෝ පරාද කරල අපි හැමෝගෙම හිතේ වීරයෙක් වෙන්න මෙයාට පුලුවන් වෙනවා. ධනුෂ්, ධනුෂ් වෙන්න කලින් මේ කොල්ලාගේ නම වෙන්කටේශ් ප්‍රභූ. ප්‍රභූගේ තාත්තා කස්තුරි රාජා, ඔහු වැඩ කළේ මිරිස් මෝලක, ඒ නිසා ධනුෂ්ගේ කුඩාම අවධිය සැප සම්පත් මැද ගෙවිලා නම් නැහැ. ඒත් කස්තුරි රාජා උත්සහය නිසාම පස්සෙ කාලෙක චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වෙනවා. කස්තුරි රාජාට අවශ්‍ය වෙනවා ඔහුගේ පුතාව ඔහුගේම චිත්‍රපටයක ප්‍රධාන නළුවා බවට පත් කරන්න.



ඒත් ප්‍රභූට ඕන වුනේ සූපවේදියෙක් වෙන්න. මුළු ඉන්දියාවේම කොල්ලෝ නළුවෝ  වෙන්න හීන දකිද්දි ප්‍රභූ ඒ හීනෙන් පැනල යන්න ලොකු ලොකු ප්‍රයෝග කරනවා. ඒත් තාත්තගෙන් ගැලවීමක් නැති තැන 2002 දී තාත්තගෙම චිත්‍රපටයක රඟපාන්න ප්‍රභූට සිද්ධවෙනවා. ප්‍රභූ ධනුෂ් බවට පත්වෙන්නේ මෙන්න මෙතනදීයී. ධනුෂ්  ට්‍රැක් එකට වැටුනට පස්සේ ගොඩක් අධ්‍යක්ෂකවරු ධනුෂ්ගේ පෙනුම නිසා එයාව රිජෙක්ට් කරනවා. හැබැයි මාරිව සිය පාරක් මරන්න බැරි උනා වගේ අපේ කොල්ලාව වට්ටන්න ඒ රිජෙක්ෂන් වලටත් බැරි වෙනවා. ධනුෂ් ඔප්පු කරනව ගොඩයන්න වැදගත් වෙන්නෙ පෙනුම නෙමයි දක්ශතාවය කියන එක.



ධනුෂ් විවාහ වෙන්නේ රජිනි කාන්ත්ගේ දුවව. ඉතිං ධනුෂ් එක පාරක් කියනව මට රජිනිගේ බෑනා කියලා අහගන්න ඕනේ නෑ. මට ධනුෂ් කියන දක්ශ නළුවා විදිහට හඳුන්වනවටයි මම කැමති, ඒ තැන හදාගන්න මම වැඩ කරනවා කියලා. කිව්වා වගේම පොර වැඩේ කළා. හොඳම නළුවා විදිහට සම්මාන පිට සම්මාන ලබාගත්ත ධනුෂ් දමිළ සිනමාවේ වැඩිපුරම මිලක් අය කරන නළුවෙක් බවටත් පත්වෙලා තියෙනවා. ඒ විතරක්ද ඉන්දියාවෙ විතරක් නෙමෙයි අපේ රටේ කෙල්ලන්ගේ කොල්ලන්ගෙ හදවත් දිනාගන්න පුළුවන් වුන එකම කොච්චර ලොකු දෙයක්ද.



- පියුමි හෙටිටිආරච්චි

Siththam Maya | Anu Perera. Powered by Blogger.