Ads Top

චීනයේ ධනවතා - ජැක් මා


මිනිසකු ඉපදෙන විට දුප්පත්ව ඉපදීම ඔහුගේ වරදක් නොව. නමුත් දුප්පතකු ලෙසම ජීවත් වී මියයාම ඔහුගේම වරදක් බව ඔබ අසා ඇති. ඉපදෙන විට කුමන තත්ත්වයේ සිටියත් දැනුම් තේරුම් ඇති මිනිසෙකු බවට පත් වූ පසු තම ජීවිතයේ නියමුවා වන්නේ තමාම බැව් පසක් කළ දක්ෂ මිනිසුන් ඕනෑ තරම් මේ මිහිමත අප දැක තිබෙනවා.

ප්‍රතික්ෂේපවීමි, පරාජයන් දෙස ඇතැමෙක් ඍණාත්මකව බලද්දී ඔවුන් එවැනි දේ සෑම විටම ජීවිතයට ධනාත්මක දිරිගැන්වීමක් පමණක්ම කර ගැනීම ඔවුන්ගේ ජයග්‍රහණය පිටුපස ඇති විශාලතම හේතු සාධකයයි.


ජැක් මා, ප්‍රතික්ෂේපවීම, අසාර්ථකවීම් ජීවිතයේ සුබ නිමිත්‍තක් බවට පත්කළ පුද්ගලයන් අතර ඉදිරියෙන්ම සිටින්නෙක් බවට පැවසීම නිවැරදියි. ප්‍රතික්ෂේපවීම් හමුවේ ජීවිතය ජයගත් ඔහු පිළිබඳව අප කතා කළ යුතු වන්නේ ඔහු තුළින් අපට ලබගත හැකි අතිමහත් ආදර්ශය නිසාවෙන්මයි.


දුප්පත් පවුලක දරුවකුව උපන් ඔහු ඉගෙනීමට ප්‍රියතාවයක් දැක්වූවද කිහිපවරක්ම විභාගයන් අසමත් වනවා. කෙසේ හෝ අධ්‍යාපනය හඹා යන ඔහුට විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමට අවශ්‍ය වනවා. විශ්ව විද්‍යාල 10 ක් පමණ ඔහුව ප්‍රතික්ෂේ කළද කෙසේ හෝ සාමාන්‍ය විශ්ව විද්‍යාලයකට ඇතුලත් වීමට ඔහුට හැකියාව ලැබෙනවා. අධ්‍යාපනයෙන් පසු රැකියාවක් සෙවීමට ජැක් මා බොහෝ සෙයින් මහන්සි වනවා නමුත් රැකියා ස්ථාන 30කින් පමණ ප්‍රතික්ෂේප වීමට ජැක්ට සිදුවනවා. රැකියාවක් සොයාගැනීමට අපහසුවීම නිසාම තම කුලී නිවසේ සිටම මිතුරන් කිහිප දෙනෙකු සමග එක්ව අන්තර්ජාල ව්‍යාපාරයක් ඇරඹීමට ඔහුගේ ජීවිතයේ එක් වැදගත් සංදිස්ථානයක ඇරඹුම සනිටුහන් කිරීමට සමත්වනවා. දීර්ඝකාලීන මහන්සියේ ප්‍රතිඵලයක් ලෙස එක්තරා ඇමරිකානු ආයතනයක සුපිරි ආයෝජනයක් ලබාගැනීමට ජැක්ට හැකි වනවා.


දිනෙන් දින දෙවයට අභියෝග කරන ජැක් මා අද වන විට Alibaba group හි නිර්මාතෘ බවට පත්ව තිබෙන්නේ පරාජය ජයග්‍රහණයක් බවට පරිවර්තනය කිරීමට ඔහු තුළ වූ ප්‍රබල හැකියාව මතයි. 2017 වර්ශයේ ගණනයන්ට අනුව ඔහු ශුද්ධ මාසික ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 36.2 බවට සනිටුහන් කරමින් චීනයේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබෙනවා. ප්‍රතික්ෂේපවීම නැතහොත් පරාජය වීම දුර්වලකමේ ලක්ෂණයක් නොව. දුර්වලකමේ ලක්ෂණය වන්නේ අත්හැරීම පමණක් බව කුඩා සිරුරකට හිමිකමි කියනා ඒ මහා දැවැන්ත මිනිසා ඔබට මට ලබාදෙන ආදර්ශයයි.



Siththam Maya | Anu Perera. Powered by Blogger.