Ads Top

අදට හරියටම අවුරුද්දක් !


අදට හරියටම අවුරුද්දක් !
2019.01.27 

සිත්තම් මායා | අනූ පෙරේරා 

අදට හරියටම අවුරුද්දක් !
ඇගෙයි මගෙයි විවාහෙට 
නිම්ස් සහ මීටර් අයියා 
සාක්කියට දෙපාර්ශවයෙන් අත්සන් කළ 
අදටත් අපි ආදරෙන් 
එදා වගේම 
පොඩි පොඩි රණ්ඩු උනා 
නෑ කියන්නත් බෑනේ හැබෑට 
හැබැයි ටික වෙලාවයි 
ඇය සද්දම නැතුව ඉන්නකොට 
මමම ගිහිං යාළු වෙනවා හැම මොහොතකම 
විස්වාස කරන්න 
නොවේ ඒක යකඩ සිහිනයක් 
සමාජයක් කියන්නා සේම 
ඒක හරි ආත්මීයයි 
නිවුන් දරුවන් පහක් අතුරින් 
ඇයවම තෝරාගන්න 
තිබුණා විශේෂ හේතුවක් 
ඇය හරිම නිශ්ශබ්ධව කීවා 
"මාව තෝරාගන්න" 
හදවතට විතරක්ම ඇසුණා එය 
හැබෑවටම රට්ටු අහනවා නිතැතින්ම 
ඇයිද දැම්මේ ගැහැණු නමක් ඇයට 
ඔව් ඇය "ඩියානා" 
ඒක තේරෙන්නෑ මටම 
හැබැයි මං ඇයට පණ ඇරලා බව 
දැන් දැන් නම් ලෝකයාට නොරහසක් ඒක 
හා නැද්ද ? 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.