Ads Top

වත්තල කුප්පි පොට් එක - ටැංජිගේ කැට්ස් අයි


වත්තල කුප්පි පොට් එක - ටැංජිගේ කැට්ස් අයි  

සිත්තම් මායා | අනූ පෙරේරා 

ඒ කොල්ලෝ තලේ 
මං විතරමයි බං කෙල්ලෙකුට හිටියේ 
දන්නවද මට දැනුණේම නෑ බයක් 
උන් එක්ක එකට දවස් ගාණක් ඉන්ඩ 
එකට සෙට් වෙලා 
පාන්දර ජාමය වනතෙක් පාඩම් කරන්ඩ 
වැරදි සිතකින් උන් 
අතකවත් තිබ්බේ නෑ මගේ අතට 
ඔව් මේ කතා කරන්නේ උන් ගැන 
කික් ඈස් ඩ්‍රයිවර් ටැංජියා ගැන 
බ්‍රයිටා වෙච්චි විරා ගැන 
තිස්සෙම වෙලාව මතක් කර කර 
පාඩම් හදිස්සි කළ චතුරයා ගැන 
ඕනෑම තැනක දැවැන්ත ශක්තිය වුණු
කාගෙත් ලොකු අයියා වුණු
රංග මහතා ගැන
අල්ටමිරාටවත් ලැස්කෝවත් අහපු නැති 
බැනුම් ඇසු සුල්ලා ගැන 
ඒ අපේ පාඩම් සෙට් එක එකතු වුණු 
වත්තල අපේ පාඩම් පොට් එක 
අම්මපා සිරාවටම අපි පාඩම් කළා 
කියන්ඩ සංතෝසයි 
පුරා අවුරුද්දක පාඩම් අපි 
හවස් හයෙන් මොළයට අප්ලෝඩ් කළා 
ඒක තනිකරම කැපවීම 
ඒ සති දෙක මගේ ජීවිතේට අමුතු කට්ටක් එකතු කළා 
පාන්දර 2,3 වෙනකම් පාඩම් කරලා පැය 3ක් විතරක් නිදාගෙන 
ඔෆිස් ගිහිං එහෙ පදමට නැහිලා 
ආයේ පාඩම් පොට් එකට ඇවිත් 
ඔය රවුම දවස් ගාණක් වෙනකොට 
අයිසේ මං දරුණුවට අසනීපත් උනා 
ඒ ගෑස්ට්‍රික් ශාන්තිකර්මයට සහභාගී වූවන් ගැන 
වෙනම ලියන්නටත් උනා
අනේ අපි පස් දෙනාව ටැංජියාගෙ අම්මයි තාත්තයි බලාගත්තේ
තමන්ට ජාතක උන් ගාණට දාලා
මට තාමත් තේරෙන්නේ නෑ
ඕනෙම අම්මෙක්ට ඕනෙම තත්තෙක්ට
 කොහොමද එහෙම පිට දරුවන්ට
සමානව ආදරේ කරන්න පුළුවන් වෙන්නේ කියලා
ඉතිං අපි අපි තීරණේ කළා ඒ අපේ
වත්තල ගෙදර ලෙස 
රට්ටු කතන්දර කියන්නත් ඇති 
මාත් එක්ක හරි හරියට හිනා වෙන ගමනේම 
එක කෙල්ලෙක් කොල්ලෝ තලේ වැටිලා පාඩම් කරනකොට 
හැබැයි දන්නවද 
මට රට්ටුන්ගේ වැල් බයිලා අදාලම නැති බව 
හැබැයි මං සෑහෙන්න හිතනවා රාළහාමිගේ නම්බුව ගැන 
හරිම මධ්‍යස්ථ දර්ශනයක සිට 
ඒක තනිකරවම 
විශ්වාසය මත පදනම් වුණු දෙයක් 
පෙර වැරදි නොවුණ නිසා ඇති වුණු ශක්තිමත් හැඟීමක් 
තමන්ගේ දුව ජාමේ බේරාගෙන එතැයි 
ඔවුන් ලබන ආශිංශනය 
දෙමාපිය විශ්වාසය රැකීමේ අග්‍ර ප්‍රතිඵලයක් 
ඉතිං ඔවුන් මට අවසර දුන්නා 
මගේ සිනමා පවුල හා මුහු වන්න 
ඔවුන්ට ආවේණික අනුපම ටයිම් ෆ්‍රේම් එකක් තුළ 

#අනුවා 



Siththam Maya | Anu Perera. Powered by Blogger.