Ads Top

"Take your bad side out, for sometime. You will heal" -Your Attitude


"Take your bad side out, for sometime. You will heal" 
-Your Attitude

සිත්තම් මායා | අනූ පෙරේරා

හරියටම අවුරුද්දයි මාස ගාණකටයි 
පස්සේ අපි මුණ ගැසුනාලු 
ඒ අවුරුද්දම ජිවත් වුණු හැටි කතිකා කරගන්නට 
හුවමාරු කරගන්නට 
ඒ දුක සැප බෙදා ගන්නට 
ඉතිං අපි වෙන් කළා ඒ වෙනුවෙන්ම 
පුරා එක දිනයක් 
කඳුලින් හිනාවෙන් මකා දමන්නට 
ඒ අකුණු ගසන අනෝරා වැස්සේ 
ඉස්තෝප්පුවේ හාන්සි පුටු දෙකක් දාගෙන 
එක අතකට තිත්ත රහට කෝපි කොප්පයකුත් 
අනිත් අතට නොදැල්වු සිගැරට්ටුවකුත් 
අහස දෙසටම නෙත් අයාගෙන 
අපි බැලුවාලු විදුලි කෙටිල්ලක ඉරි තලා යාමක් 
ඉතිං උඹ ජිවත් වුණාද මං නැතුව හරි සතුටින් 
නැත්තම් ඕනෑ උනාවත්ද 
අඬ නොගසාම බොරු ආඩම්බරෙන් 
ඇත්ත කියපං උඹයි මමයි විතරනේ ඉන්නේ දැන් 
මට කියාගන්නට තිබුණේ නෑ එක වචනයක්වත් 
හෑල්ලු වෙනවා මෙන් දැනුණා 
ඒ ඇටිටියුඩ් එක ළඟ හීනියට මෙන් අදටත් 
අතෑරපන් බං ඔය නොන්ජල් ගතිය හෙමිහිට දැන්වත් 
ඉඳපන්කෝ මං වගේ රෙස්පට් පිට කොයි කාටත් 
උඹ ඉගෙන නෑනේ කෙලින් කතා කරන්න තාමත් 
දන්නවද මං අසරණ වුණු තරම ඌ ගාව 
හිත හොඳ කමට ඌ බැන්නේම නොන්ජල් ලෙසට 
සිගරැට්ටුව තවමත් දැල්වී නැති අතර 
කෝපි කෝප්පයත් තාමත් නොඉඳුල් ය 
ඌ කිවූ වදන් අදටත් හිස් වචන වී හමාරය 
ඒ නම් මා තවමත් හැදී නැති බවය 
මචං, මං කතාව මුලපිරුවේ එහෙමය 
මට අමාරුයි මිනිසෙක් සිත පෑරෙන්නට හැසිරෙන්න 
මට අමාරුයි මිනිසෙක් අසරණ වන තැන විහිළුව ගන්න 
මම දන්නෙම පිස්සෙක් වගේ හිනා වෙන්න 
තනියෙන් අරගල කරන්න මගේ ප්‍රශ්න විසඳන්න 
මේ ලෝකයා හිතන්නෙම - මේ ලෝකයා සලකන්නෙම 
මම ප්‍රශ්න නැති ජීවියෙක් ගාණට 
ඉතිං මම දොස්තරලු උන්ගේ මූඩ් එකට 
හරියටම නඩු විබාගයක් මෙන් සාධාරණීකරණය කරනවා මං මාව 
මාගේ හොඳ බාවය ඔප්පු කරන්නට පොරකනවාලු මං ඇති පදම
ඌ කීවේ නැතිලු කිසිවක්ම 
ඔව් කිසිවක්ම 
හිස දෙපසට වනා ඌ අතුරුදන් වුනාලු මගේ දෑසට නොපෙනීම 
හරියටම හෝරාවකට පසු මම දැක්කා පොඩි ලියවිල්ලක් ඉතුරුව එතැන  
"Take your bad side out, for sometime. You will heal" 
-Your Attitude
මාගේ ලීලාව ලියා තිබුණි, කිසිවක් නොව මං මටම 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.