Ads Top

I am Inspired by Myself


I am Inspired by Myself 

සිත්තම් මායා | අනූ පෙරේරා 

ලෝකයා මගෙන් අහන්නෙම 
කොහොමද බං ඔහොම හිනා වෙන්නේ 
අඬන්න දේවල් ඇත්තෙම නැද්ද , විතරමයි 
දන්නවද 
ඔබට වාගේම අඬනවා නම් පැල් බැඳගෙන හඬන්නට 
ගැටළු ජීවිතයේ මටත් ඇති බව 
ඒත් මොකද්ද තේරුම 
අහක යන කඳුලකට බොරුවට 
මමත් ඉන්නවා අරගලයක 
මගේ ජීවිතය ගැට ගසන 
ඒ ඉටු නොවුන හීන පසුපස දුව ඇදෙන 
සමහර විට ඔබටත් වැඩියෙන් ජීවිතය ගැන බරපතලව සිතන 
ඔබ මම මේ දුෂිත හුස්ම ගනීවි උපරිම අවුරුදු 60 ක කාලයක 
ඔතනිනුත් අපි ලෝකය තේරුම් ගෙන එය දකීවි 
ඕනෙනම් අවුරුදු 20-30 ක් විතරක්ම 
ඉතිං ඇයි බං තේරුමක් නැතිව ඕක 
ඔහේ මුස්පේන්තු විදියට ගෙවන්නේ අර්ථ විරහිතව 
ඉතිං මට හිතෙන්නෙම නෑ ඒ මගේ සතුට 
නැති කරගන්න කිසිම හේතුවක් මතම 
දන්නවද මම කියන දේ මගේ ළඟම උන්ට 
කරන්න එපා අකමැත්තෙන් කිසිම දෙයක් 
අඩුම තරමේ අපහසුවෙන් සිනහවක් වත් 
අකමැත්තෙන් කසාදයක්වත් 
ලෝකයක් සනහන්නට ඔබ ඉපදුනේම නැති තරම් 
ඔබේ සතුට වෙනුවෙන් විතරමයි ඔබ හුස්ම ගැනිය යුතු වන්නේ 
ඒ අතරට එකතු කරගන්න 
ඒ සතුටට මනුස්සකම, පරිත්‍යාගශීලි බව, හිත හොඳ කම වගේ හොඳ ගතිගුණ 
මානවයා තව තවත් සුන්දර කරවන 
ඔබේ සතුට තව කෙනෙකුගේ දුකක් නොවන 
එතකොට 420 වලින් ලෝකයක් සනහන්නට බලාපොරොත්තු වන දේ 
බොහොම සිහියෙන් කරන්නට පුළුවන් ඔබට 
දන්නවද ළඟම උන් මට කියනා දෙය 
මම ඖෂධයක් ලු උන්ට 
උන්ගේ මූඩ් ෆික්ස් කරනට 
ඒත් මෙය තමයි ඇත්තම 
මම දන්නෙම නෑ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්නට 
ගැටළුවකට හරියටම විසඳුම දෙන්නට 
මම වෙනස් කරනවා උන්ගේ මුහුණත 
ඒ ප්‍රශ්න අමතක කරන්නට මා සමඟ ගත කරන කාලයට 
ඉතිං උන් කැමතියි ඉන්නට 
මා සමඟ ජිවිත කාලය පුරාවට 
හරියටම කිව්වොත් ලේ බැඳීමක් වාගේම 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.